Saturday, January 04, 2025
Follow Us
හකුරු කිරිබත

සුදු කැකුළු සහල්

ග්‍රෑම් 500ක්

මිටිකිරි කෝප්ප 03ක්

හකුරු ග්‍රෑම් 250ක්

වියළි මිදි ග්‍රෑම් 50ක්

අවශ්‍ය තරම් වතුර

රස අනුව ලුණු

01. පළමුව හකුරු ටික සිහින්ව ලියා පැත්තකින් තබාගන්න. වියළි මිදි සෝදා පසෙකින් තබන්න.

02. දැන් සාමාන්‍ය පරිදි කිරිබත සාදාගන්න.

03. කිරිබත ළිපෙන් බා ගැනීමට විනාඩි පහකට පමණ පෙර සිහින්ව ලියා පසෙකින් තබාගත් හකුරු ටික එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. ළිපෙන් කිරිබත ඉවත් කරගෙන බන්දේසියකට දැමීමට පෙර එයට සෝදාගත් මිදි ටිකද එකතු කර කලවම් කරන්න. බන්දේසියට දමා තුනී කර කිරිබත් හැඩයේ කෑලිවලට කපාගෙන මේසයට පිළිගන්වන්න.

04. හකුරුවල රසයට මෙන්ම මිදිවලටත් කුඩා දරුවන් ආසා කරන නිසා හකුරු මිශ්‍රණය කිරිබත ඔවුන් ආසාවෙන් රස බලාවි.

Tharunie