Saturday, October 19, 2024
Follow Us
Beauty

ඉවසීම තමයි අවශ්‍යම දේ. ඔබට ඉවසීම සහ කැපවීම නැත්නම් මේ ලිපිය කියවීම ද නවත්තන්න.

 ලේසි මාර්ගවලින් බ්ලීචිං යොදාගෙන සුදු වෙන්න පැහැපත් වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ ඇතිවන අතුරු ප්‍රතිඵලවලටවත්, තාවකාලික සුදටවත් කවුරුත් වග කියන්නේ නෑ.

ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරොත් ප්‍රතිඵලය ඉතා ඉහළයි. කල් පැවැත්මෙන් යුතුයි.

ඉතින්

මේ විදිහට ලස්සන වෙන රහසක් ගෙන ආවේ ඔයාට ඔයාගේ සම පැහැපත් කරන්නට ඉවසීමෙන් සුදු වෙන්නට.

මේ සුදුවන සත්කාර මාලාව පටන් ගැනීමට පෙර ඔබ විසින් කළ යුතු දේවල් කිහිපයක් තියෙනවා.

ආයෙත් මතක් කරනවා ඉවසීම තමයි අවශ්‍යම දේ. ඔබට ඉවසීම සහ කැපවීම නැත්නම් මේ ලිපිය කියවීම ද නවත්තන්න.

හොඳ ෆේස් වොෂ් එකක් , බොඩි වොෂ් එකක් පාවිච්චියට ගන්න.

සබන් පාවිච්චිය සම්පූර්ණයෙන්ම නතර කරන්න.

තද අව්වේ පිටතට යාම සම්පූර්ණයෙන්ම නවත්තන්න.

එළියට යන්න හොඳ ජැකට් එකක් තියාගන්න.

අත් දිගට, ඕනෑම තැනකට පැලඳීමට සුදුසු අයුරින්.

සමට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කරන්න. වර්ග කිහිපයක් කලවමේ භාවිතා නොකරන්න.

රාත්‍රී ආලේපන දහවල් ආලේප නොකරන්න.

රාත්‍රී ආලේපන ගැල්වීමෙන් පසු රස්නය වදින තැන්වලට යන්න එපා. උදාහරණයක් විදියට ගෑස් කුකර් එකේ කෑම උයන්න යන්න එපා.

පසුදින උදෑසනම පෙරදින නින්දට කලින් ආලේප කළ සියල්ල හොඳින් සෝදා හරින්න.

ටෝනර් එකක් භාවිතා කරන්න.

අනවශ්‍ය රෝම ඇත්නම් රේසර් නොකරන තරමට හොඳයි. වැක්ස් කරන්න. සීනි වැක්ස් එක නම් ගොඩක් හොඳයි

රාත්‍රී ආලේපන ඉවත් කරනකොට, මේකප් ඉවත් කරනකොට උණුවතුර කිසිසේත්ම භාවිත කරන්න එපා. සිසිල් ඇල් ජලය පමණක් ගන්න.

හිසකෙස් අවුල් හැර පීරාගන්න. එවිට හිස් කබලට හොඳ සම්බාහනයක් ලැබේවී. විශේෂයෙන් දැති ආකාර කිහිපයක පනා භාවිතා කරන්න.

තෙත පිටින් කොණ්ඩය පීරන්නට එපා. අවුල් හැර ගැනීමට දැති ලොකු පනාවක් භාවිත කරන්න.

නිතරම සුවපහසු බාටා දෙකක් පලඳින්න.

සත්කාරය ඇරඹීමට දින තුනකට පෙර බඩ සුද්ද වී යාම සඳහා බෙහෙතක් බොන්න.

සෝස් වර්ග, සෝස් යෙදූ චයිනීස් කෑම, පේස්ට්‍රි, වෙනත් බේකිං පවුඩර් යෙදූ කෑම, පාන් පිටි සහ එවැනි ඊස්ට් යෙදූ කෑම, පැණි බීම සහ විනාකිරි ආහාරයට ගැනීම සම්පූර්ණයෙන් නවතා දමන්න. (ඔබේ ඉලක්කයට යා යුතු නම් මේ දේවල් සිදු කළ යුතුමයි.)

දිනකට එළවළු වර්ග පහක් කන්න. පලතුරු වර්ග පහක් කන්න.

දින තුනකට පෙර මඳ රස්නය ඇති වතුර පමණක් බොන්න.

හැකි නම් ශරීරය සිසිල් කිරීමට කස කසා ඇට ටිකක් බොන්න. පෙරදින වතුර වීදුරුවකට දමා පසුදින හිස් බඩ පානය කරන්න.

ස්නානයේදී සමට රළු නොවන luffa එකක් භාවිත කරන්න. ගල් කැබලි භාවිත කරන්න එපා.

තරබාරු බව ඇති නම් රාත්‍රී නින්දට පෙර ඩෙටොක්ස් පානයක් ගන්න. Golden milk වෙනුවට

හැකිනම් රතු කැකුළු බත් පමණක් ආහාරයට ගන්න.

තේ වෙනුවට නැවුම් මිරිකාගත් දොඩම් වීදුරුවක් පානය කරන්න.

රාත්‍රී නින්දට පෙර Golden Milk වීදුරුවක් පානය කරන්න.

මාස හයකට වරක් ඔබ සමට භාවිත කරන ආලේපන වර්ගය වෙනස් කරන්න. එකම නිෂ්පාදනය වසර ගණනක් භාවිත කරන්නත් එපා.

Daily Skin Routine ඔබටම, ඔබේ සමටම ආවේණික වූ ආකාරයට සකස් කරගන්න.

නිතර නිතර මුහුණ සෝදන්න එපා. දිනකට දෙවරක් හෝ තුන් වරක් ප්‍රමාණවත්. මොකද සමේ ඇති ස්වාභාවික ගතිය නැතිවෙලා යන්න පුළුවන්.

අලුත් කොට්ටඋරයක් සහ ඇඳ රෙද්දක් දමාගන්න. එය පිරිසුදු කපු එකක් විය යුතුයි.

හිස්හොරි සඳහා හොඳ ප්‍රතිකාරයක් ගන්න.

දිනකට වරක් හොඳින් ස්නානය කරන්න.

සුදුසු ෂැම්පෝ, කන්ඩිෂනර් භාවිතා කරන්න.

සෑම දින තුන-හතරකට වරක් හොඳින් බොඩි ස්ක්‍රබ් කරන්න.

දෙහි ලෙල්ලක් භාවිතයෙන් නියපොතු පිරිසිදු කරගෙන, ලස්සනට කපාගන්න.

කුරුලෑවලට ප්‍රතිකාර ගන්න.

භාවිත කරන ෂැම්පෝ, කන්ඩිෂනර්, ආලේපන තද අව්වට නිරාවරණය නොවන ලෙස තබා ගන්න. මක් නිසාද සූර්ය තාපය නිසා ඒවායේ ඇති structures වෙනස් විය හැකි නිසා.

දවල් කෑමට පසු මුදවපු කිරි කප් එකක් හෝ යෝගට් කප් එකක් ආහාරයට ගන්න.

සිත නිස්කලංක කරගන්න.

අනවශ්‍ය ප්‍රශ්න සිතින් ඉවත් කරන්න.

මස් ආහාරය මඳක් නවතා මේ දින කිහිපයවත් පිරිසුදු අලුත් මාළු කෑමට ගන්න.

සලාද මැල්ලුම් සහ කොළ සම්බෝල වැඩියෙන් ආහාරයට එකතු කරගන්න.

ඔබට ගැස්ට්‍රික් ඇත්නම් එයට නිසි බෙහෙතක් ගන්න.

විශේෂයෙන් අජිනමොටෝ රසකාරක සහිත ක්ෂණික ආහාර රාත්‍රී ආහාරයට නොගැනීම වැදගත්.

අනවශ්‍ය තරහ, වෛරය, ක්‍රෝධය සිතින් අමතකකර නින්දට යන්න.

 

Tharunie

Beauty

කෝමාරිකා කියන්නේ ශ්‍රී ලාංකික නිවෙස්වල දැකිය හැකි සාරවත් ඖෂධීය ශාකයක්. කෝමාරිකා භාවිතය සියවස් ගණනාවක් ඈතට දිව යන අතර ලෝකය පුරා නිවර්තන දේශගුණය තුළ කෝමාරිකා වර්ධනය දැක ගන්නට පුළුවන්. වර්තමානයේ දීත් බොහෝ දෙනා කෝමාරිකාවලින් ප්‍රයෝජන රැසක් ලබා ගන්නවා. විවිධ ප්‍රතිකාරවලට වගේම රූපලාවණ්‍ය කටයුතු සඳහාත් යොදා ගන්නා මෙම කෝමාරිකාවල ගුණ ඇත්ත වශයෙන්ම අසීමිතයි. ඉතින් අද අපි කතා කරන්නේ කෝමාරිකා යුෂ පානය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනයි 

සමේ විවිධ තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කරයි 

කෝමාරිකාවල ප්‍රති ගිනි අවුලුවන ගුණ ඇතැයි සැලකෙනවා.එය පිළිස්සුම් ඇතුළු සමේ විවිධ ආබාධයන් සඳහා ප්‍රතිකාර කරන අතරම වියළි සමටද ඉතාම හොඳ තෙතමන කාරකයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම කෝමාරිකා යුෂ පානය කිරීම කොලජන් නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට දායක වෙනවා. වයස අවුරුදු 40යි ඉක්මවා යන කාන්තාවන්ගේ සමේ රැලි ඇති වීම වැළැක්වීම සඳහා කෝමාරිකා යුෂ පානය කිරීම සුදුසු බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා.

ආහාර දිරවීමේ ගැටලු සමනය කරයි

කෝමාරිකා යුෂවල ඇන්ත්‍රැක්විනෝන් ග්ලයිකෝසයිඩ් අඩංගු වනවා. මේවා මලබද්ධය සමනය කිරීමට උපකාරීවන විරේචක බලපෑම් සහිත ශාක සංයෝගයි. ඒ වගේම ආහාර ජීරණය පහසු කරවීම, ආම්ලික තාවය වැනි තත්ත්වයන් සමනය කිරීමටද කෝමාරිකා යුෂ පානය කිරීම ප්‍රයෝජනවත් වනවා. උදෑසන කාලයේදී කෝමාරිකා යුෂ පානය කිරීමෙන් නිසි ලෙස ආහාර ජීරණය කරමින් සහ ආහාර ජීරණ පද්ධතිය පිරිසුදු කරමින් ශරීරයේ ඇති විස ඉවත් කිරීමක් ද සිදු කෙරෙනවා.

ඔබව සජලීයව තබයි 

දවස පුරා වැඩිපුර දියර වර්ග පානය කිරීම පුද්ගලයකුට සජලීයව සිටීමට උපකාරී වනවා. සීනි සහිත බීම වර්ග වෙනත් පානවර්ග වලට වඩා කෝමාරිකා යුෂ පානය කිරීම ඔබේ සෞඛ්‍යයට හිතකර වන්නේ පාන වර්ගවලට වඩා අඩු කැලරි ප්‍රමාණයක් කෝමාරිකා යුෂ  වීදුරුවක අඩංගු වීම නිසයි.නමුත් ඔබට ඉතා හොඳ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් වෙළඳපොළේ විවිධ වෙළෙඳ  නාමයන් යටතේ ඇති කෝමාරිකා යුෂ පානයන් ලබා ගන්නවාට වඩා නිවෙසේදීම සකස් කරගන්නා කෝමාරිකා යුෂ පානය කිරීම වැදගත්.

ශරීරයට පෝෂ්‍යපදාර්ථ රැසක් ලබා දෙයි 

කෝමාරිවල 98.5 % පමණ ජලය අඩංගුව තිබිය දීත් විටමින්, ඛනිජ ලවණ, මැග්නීසියම්, කැල්සියම් , ෆෝලික් අම්ල සහ ප්‍රතිඔක්සිකාරක ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම කෝමාරිකා විටමින් ඕ 12  අඩංගු දුර්වල ශාක ප්‍රභවයන්ගෙන් එකක් ලෙස සැලකෙනවා. එම පෝෂකය ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කිරීමට උපකාරී වනවා. 

අජීර්ණ තත්ත්වයන් සමනය කරයි

කෝමාරිකා යුෂ ඉතා ක්ෂාරීයවන අතර, එය අජීර්ණ ලෙසද හැඳින්වෙන ඇසිඩ් පරාවර්තනය සමඟ එන වේදනාකාරී රෝග ලක්ෂණවලට එරෙහිව සටන් කරනවා. ඔබේ ශරීරයේ අජීර්ණ තත්ත්වයක් ඇතිවූ විට , එම අම්ල ආමාශයෙන් පිටවීමට පටන් ගෙන ඔබේ ශරීරයේ ආම්ලික ර්‍ථඩ අගය වැඩිකරනවා.කෝමාරිකා යුෂ පානය කිරීම මඟින් එහි සංයුතිය ඔබේ ආමාශයෙන් පිටවෙන අම්ල ස්‍රාවය පාලනය කරන බැවින් ඔබේ ශරීරයේ සමතුලිතතාවය නැවත යථා තත්ත්වයට පත් කරනවා. 

බර අඩුකර ගැනීම සඳහා උපකාරී වෙයි

සෞඛ්‍ය සම්පන්න ආහාර දිරවීමකට, පරිවෘත්තීය ක්‍රියාවලියට, ශරීරයෙන් විස ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහ ආහාර දිරවීමේ ආධාරකයක් ලෙස කෝමාරිකා ක්‍රියා කරනවා. ඒ වගේම කෝමාරිකාවල අඩංගුවන බී විටමින් සහ එන්සයිම ශරීරයේ මේදය දහනය කිරීමට ඉතා විශාල දායකත්වයක් දක්වනවා. මෙම හේතු නිසා ඔබේ ශරීරයේ අනවශ්‍ය බර අඩුකර ගැනීමට කෝමාරිකා යුෂ පානය කිරීම සුදුසු බව විවිධ අධ්‍යයන මඟින් පෙන්වා දී තිබෙනවා.

විටමින් සී බහුල වෙයි

ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස සැලකෙන විටමින් සී කෝමාරිකාවල වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම සම පැහැපත් කිරීමට ද, ශරීරයට යකඩ අවශෝෂණයකර ගැනීමට ද කෝමාරිකාවල අඩංගු විටමින් සී උපකාරී වනවා.

ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උපකාරී වෙයි

මිනිස් ශරීරයේ ස්නායු පද්ධතියේ නිවැරැදිව ක්‍රියා කරවීමට අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස මැග්නීසියම් සැලකෙනවා. මොලය, ස්නායු සහ සුසුම්නාව ආදී සියල්ල ස්නායු පද්ධතියේ කොටස් වේ. කෝමාරිකා යනු මැග්නීසියම් වල ඉතා හොඳ ප්‍රභවයක් නිසා කෝමාරිකා යුෂ පානය කිරීම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ද බලපෑමක් සිදු කරනවා 

කෝමාරිකා යුෂ යනු ඔබේ දවස ආරම්භ කිරීමට සුදුසුවන සෞඛ්‍ය සම්පන්න පානයක්.එය බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභවලින් සහ පෝෂ පදාර්ථවලින් සමන්විත වනවා.කෙසේ වෙතත් කෝමාරිකා යුෂ ඉක්මනින් ඔක්සිකරණයවන නිසා ඔබ එය පරිභෝජනය කිරීමට සුළු වේලාවකට පෙර සකස්කර ගැනීමට වගබලා ගත යුතුයි. ඒ වගේම ඔබ විවිධ සෞඛ්‍ය ගැටලු සහිත අයෙක් නම් කෝමාරිකා යුෂ පානය කිරීමට පෙර වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න.

 

Tharunie 

Beauty

වෙසක් කැකුළු අතුඅග පිපෙන වෙසක් මහේ මල් මනාලියක වන්න⁣ට ඇතැම් යුවතියන් සිහින මවයි.ඒ සිහිනයට නැවුම් බලාපොරොත්තුවක් එක් කරලන්නට තරුණි ගෙනෙන මඟ පෙන්වීමයි මේ.

Beauty

සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගැනීමේ වැදගත්කම ගැන කාන්තාවන් වශයෙන් අපට නිතර අසන්නට ලැබේ. අධික කොලෙස්ටරෝල් මට්ටම් හෘද රෝග, ආඝාතය සහ අනෙකුත් බරපතළ සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කළ හැකිය. ජාන සහ ජීවන රටාව ඇතුළුව කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමට දායක විය හැකි බොහෝ සාධක තිබුණද, විශාලතම වරද වන්නේ අපගේ ආහාර වේලයි. මෙම ලිපියෙන් අපි කොලෙස්ටරෝල් සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර කිහිපයක් ගවේෂණයකර සෞඛ්‍ය සම්පන්න මට්ටමක් පවත්වා ගැනීමට ඔබට උපකාරී වන විකල්ප සාකච්ඡා කරමු.

කොලෙස්ටරෝල් යනු කුමක්ද?

අපි කොලෙස්ටරෝල් සඳහා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරවලට යන්නට පෙර, කොලෙස්ටරෝල් යනු කුමක්ද සහ එය අපගේ සෞඛ්‍යයට වැදගත් වන්නේ මන්දැයි තේරුම් ගැනීම වැදගත්ය. කොලෙස්ටරෝල් යනු අපගේ රුධිරයේ ඇති ඉටි වැනි ද්‍රව්‍යයකි. අපගේ ශරීරයට නිසි ලෙස ක්‍රියා කිරීමට කොලෙස්ටරෝල් අවශ්‍යවන අතර, එය අධික ලෙස වැඩි වීම සෞඛ්‍ය ගැටලු ඇති කරයි. කොලෙස්ටරෝල් වර්ග දෙකක් තිබේ:

LDL බොහෝ විට “නරක” කොලෙස්ටරෝල් ලෙස හැඳින්වේ, මන්ද එය අපගේ ධමනි තුළ ගොඩනඟා හෘද රෝග හා ආඝාත අවදානම වැඩි කරයි. අනෙක් වර්ගය, HDL, බොහෝ විට “හොඳ” කොලෙස්ටරෝල් ලෙස හැඳින්වේ. මන්ද එය අපගේ රුධිරයෙන් LDL ඉවත් කිරීමට උපකාරී වේ.

කොලෙස්ටරෝල් සඳහා අහිතකර ආහාර

බැදපු ආහාර

බදින ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත හා ට්‍රාන්ස් මේද දෙකම ඉහළ වන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්‍රයිඩ් චිකන් සහ ඩෝනට්ස් වැනි බදින ලද ආහාර සඳහා මේ උදාහරණ වේ. ඔබේ ආහාර බදිනවා වෙනුවට, ඒවා පිලිස්සීම හෝ ග්‍රිල් කිරීමට හෝ උත්සාහ කරන්න. මෙය ඔබගේ සෞඛ්‍යයට අහිතකර මේද ප්‍රමාණය අඩුකර ඔබගේ ආහාර සෞඛ්‍ය සම්පන්න කිරීමට උපකාරී වේ.

සැකසූ මස්

බේකන්, සොසේජස් සහ හැම් වැනි සැකසූ මස් බොහෝ විට සංතෘප්ත මේදය සහ සෝඩියම්වලින් ඉහළ මට්ටමක පවතින අතර, මේ දෙකම ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සැකසූ මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් ආහාර වැනි සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

අධික මේද සහිත කිරි නිෂ්පාදන

චීස්, හෙවික්‍රීම් සහ බටර් වැනි කිරි නිෂ්පාදන සංතෘප්ත මේදයෙන් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. අධික මේද සහිත කිරි නිෂ්පාදන පරිභෝජනය කරනවා වෙනුවට, අඩු මේද හෝ මේද රහිත කිරි නිෂ්පාදන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න. එනම්, මුදවපු කිරි හෝ අඩු මේද යෝගට් වැනි දේයි.

බේක් කළ ආහාර

කුකීස්, පේස්ට්‍රි සහ කේක් වැනි බේක් කරන ලද ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද දෙකම පිරී පවතින අතර එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි කළ හැකිය. මෙම බේක් කරන ලද ආහාර වෙනුවට, සම්පූර්ණ තිරිඟු පිටි, පලතුරු යුෂ සහ ස්වාභාවික රසකාරක වැනි විකල්ප අමුද්‍රව්‍ය භාවිත කරමින් සෞඛ්‍ය සම්පන්න විකල්පයන් නිවෙසේදීම සාදා ගැනීමට උත්සාහ කරන්න.

ක්ෂණික ආහාර

ක්ෂණික ආහාරවල බොහෝ විට අධික කොලෙස්ටරෝල් මට්ටමට දායක විය හැකි සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද අධික වේ. ඒ නිසා ඒ වෙනුවට, සරල ප්‍රෝටීන් සහිත සලාදයක් හෝ සම්පූර්ණ තිරිඟු පාන්වලින් සැකසූ සැන්ඩ්විච් එකක් වැනි දෙයකින් ඔබේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේල සකසා ගැනීමට උත්සාහ කරන්න.

රතු මස්

හරක් මස් සහ බැටළු මස් වැනි රතු මස්වල බොහෝ විට සංතෘප්ත මේදය අධිකවන අතර, එමඟින් LDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවිය හැකිය. මීට අමතරව, රතු මස් බොහෝ විට අධික උෂ්ණත්වවලදී පිසිනු ලබන අතර, හෘද රෝග සඳහා දායක විය හැකි හානිකර සංයෝග නිපදවිය හැකිය. රතු මස් අනුභව කිරීම වෙනුවට, කුකුළු මස්, මාළු සහ රනිල කුලයට අයත් සරල ප්‍රෝටීන ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

තෙල්

ආහාර පිසීමේදී virgin පොල්තෙල්, virgin ඔලිව් තෙල් හෝ අලිගැටපේර තෙල් වැනි අසංතෘප්ත මේද බහුල තෙල් භාවිත කිරීමට උත්සාහ කරන්න.

බිත්තර කහ මදය

බිත්තර කහ මදය අධික කොලෙස්ටරෝල්වලින් සමන්විත වන අතර, සමහර පුද්ගලයින්ගේ අධික කොලෙස්ටරෝල් මට්ටමට දායක විය හැකිය. කෙසේ වෙතත්, බිත්තර ප්‍රෝටීන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථවල හොඳ ප්‍රභවයක් වන අතර, එබැවින් ඒවා ඔබේ ආහාර වේලෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අවශ්‍ය නොවේ. ඔබ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ගැන සැලකිලිමත් වන්නේ නම්, ඔබ බිත්තර කහ මදය සීමාකර ආහාර වේලට වැඩිපුර බිත්තර සුදු මද ඇතුළත් කරගන්න.

ස්නැක්ස් ෆුඩ්ස්

චිප්ස් සහ පොප්කෝන් වැනි කෙටි ආහාරවල බොහෝ විට සංතෘප්ත සහ ට්‍රාන්ස් මේද මෙන්ම සෝඩියම් ද ඉහළ ය. මෙම සෞඛ්‍යයට අහිතකර ආහාර අනුභව කරනවා වෙනුවට, නැවුම් පලතුරු, එළවළු හෝ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ඔබේ ආහාර වේලට ඇතුළත් කිරීමට උත්සාහ කරන්න.

සීනි සහිත බීම

සෝඩා සහ පලතුරු යුෂ වැනි සීනි සහිත බීම බොහෝ විට සීනි සහ කැලරි අධිකවන අතර එය බර වැඩි වීමට සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටමට දායක වේ. සීනි සහිත බීම වෙනුවට, පිපාසය සඳහා ජලය, පැණිරස නොකළ තේ හෝ පලතුරු යුෂ පානය කිරීමට උත්සාහ කරන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට අමතරව, ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීමට උපකාරීවන වෙනත් ජීවන රටා වෙනස්කම් තිබේ. නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න වූ නිවැරදි බරක් පවත්වා ගැනීම සහ දුම්පානය නතර කිරීම LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ හෘද රෝග අවදානම අඩු කිරීමට උපකාරී වේ.

උපදෙස් -

විශේෂඥ වෛද්‍ය පෝෂණවේදී

රේණුකා ජයතිස්ස

-Tharunie

Beauty

එදිනෙදා ගමනට බිමනට සිම්පල් මේක්අප් එකක් හරියට දාගන්නෙ කොහොමද කියල නොදන්න බොහෝ තරුණියන් අප අතර ඉන්නවා.

Beauty

ටෝනර් කියන්නෙ සම පිරිසිදු කරන්න යොදාගන්නා පිරිසදුකාරකයක්.

Beauty

හිස් හොරි නිසා කාන්තාවන් මෙන්ම පිරිමින් ද බොහෝ සේ පීඩා විඳියි. හිසකෙස් ගැලවී යෑම, අකලට හිසකෙස් පැසීම යනාදී බොහොමයක් පීඩාකාරී තත්ත්වයන් සඳහා හිස්හොරි බලපෑම් කරයි.

Beauty

කවුරුත් කැමතියි නීිරෝගි සමකට.

Beauty

තමන්ගේ පුංචි දුවට, පුතාට හැඩට අන්දවන්න ඔබ හරිම කැමැතියි කියලා අපි දන්නවා. ඒත් ඉතින් පොඩ්ඩට ඇඳුම් තෝරනකොට ඇඳුම cute ද, fashionable ද කියලා විතරක් බලලා මදිනේ. විශේෂයෙන් ම ලොකු මිලක් ගෙවලා පොඩ්ඩා වෙනුවෙන් තෝරාගන්න ඇඳුම් ගැන ඊට වඩා තව ටිකක් වැඩිපුර හිතන්න අවශ්‍යයි කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ. ඉතින් ඒ දේට සහයෝගයක් විදිහට තමයි අපි මේ ලිපිය ඔබ වෙනුවෙන් අරගෙන එන්නේ.

Size
එකම වයසේ පොඩ්ඩෝ දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නට ගැළපෙන්නේ sizes දෙකක ඇඳුම් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබේ පොඩ්ඩට වයස අවුරුදු 2ක් වුණාට සාමාන්‍යෙන් ඒ වයසේ වෙනත් දරුවොන්ට වඩා සිරුරෙන් ලොකු වෙන්නත් පුළුවන්. පොඩි වෙන්නත් පුළුවන්. මේ නිසා tag එකේ සඳහන් කරලා තියෙන ප්‍රමාණයත්, වයසත් ගැන විතරක්ම හිතන්නේ නැතුව පොඩ්ඩගේ උස බර හොඳට මැනලා ඇඳුම් ගන්නවා නම් exchange කරන්න දුවන්න අවශ්‍ය වෙන්නේ නැතිවෙයි.

Fit
Shirts, dresses, pants වගේ කොයි ඇඳුමක් ගත්තත්, ඒක පොඩ්ඩට අපහසුවකින් සහ අවලස්සනකින් තොරව fit වෙනවාද කියන කාරණාව ගැනත් සැලකිලිමත් වෙන්න සිදුවෙනවා. උදාහරණයක් විදියට adjustable waist band එකක් සහිත කලිසමක ඉණේ ප්‍රමාණය adjust කරමින් කාලයක් තිස්සේ අන්දවන්න පුළුවන් වුණත්, එහි දිග, පළල වගේ දේවල් වෙනස් නොවෙන හන්දා පොඩ්ඩාට අපහසුදායක සහ නොගැළපෙන්න ඉඩ තියෙනවා. මේ නිසා ඇඳුමක් තෝරා ගන්නකොට පොඩ්ඩාගේ ඇඟට ඒ ඇඳුම පහසුදායක විදියට fit වෙයිද කියලත් කල්පනා කරන්න අමතක කරන්න එපා.

Fabric
මේ කාරණය ගැන ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙන්නේ සමහර fabric materials වලින් නිමවා ඇති ඇඳුම් වැඩිහිටියන්ට පවා අතිශය අපහසුදායකවන නිසයි. ලංකාව වගේ උණුසුම් දේශගුණයක් සහිත පරිසරයකට ඔරොත්තු දෙන පරිදි cotton, viscose, linen වගේ soft, light, loose materials වලින් මසා ඇති ඇඳුම් තෝරාගන්නවා නම් ඉතාමත් සුදුසුයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඇඳුම කොයි තරම් cute වුණත් එය පොඩ්ඩාගේ සංවේදී සමට අපහසුදායක, කැසීම් සහ rashes ඇති කරවන හෝ සිරුරට අධික උණුසුමක් දැනෙන ඇඳුමක් නම්, එවැනි ඇඳුමක් තෝරාගැනීම ඔබේ මුදල් අපතේ යැවීමක් පමණක් බව අමතක කරන්න එපා.

Quality
සෙල්ලමට වැටුණට පස්සේ, ඇඳුම පරිස්සම් කරගන්න වගේ දේවල් ගැන පොඩ්ඩෝ එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් ලොකු මිලක් ගෙවලා අරගෙන තියෙන්නේ quality ඇඳුමක් නෙවෙයි නම් වරක් දෙවරක් ඇඳීමෙන් පසුව ඒක ඉක්මනින් ඉවත් කිරීමට සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි එවැනි ඇඳුම් පොඩ්ඩාගේ ශරීරයට සුවපහසු නොවෙන්න වගේම හොඳ පෙනුමක් ලබා නොදෙන්නත් ඉඩ තියෙනවා. සමහර low quality ඇඳුම් සේදීමේදී සායම් යෑම නිසා අනිත් ඇඳුම් පවා සවුත්තු වෙන්නට ඉඩ තියෙන බව අමතක කරන්න එපා.

Color
පාට තේරීමේදී පොඩ්ඩාගේ කැමැත්තට ඉඩක් ලබා දීමත්, හැම ඇඳුමක්ම එකම පාටින් ගන්නේ නැතුව විවිධත්වයක් ඇතුව ගන්න උත්සහ කිරීමත් වඩා වටිනවා. ඒ වගේම අපේ රටේ උණුසුම් දේශගුණයට ළා පැහැති ඇඳුම් තමයි වඩා සුදුසු කියලත් අපි සිහිපත් කරන්න කැමැතියි.

Appeal
වැඩිහිටි අපි වගේම තමයි, පොඩ්ඩොත් කැමැති නෑ සමහර ඇඳුම් අඳින්න. එයාලටත් එයාලගෙම තේරීම් තියෙනවා. ඉතින් ඇඳුම් මිලට ගැනීමේදී ඔබගේ කැමැත්ත අනුව විතරක් ක්‍රියා කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම පොඩ්ඩගේ කැමැත්තටත් ඉඩකඩ ලබා දෙන්න කියලා අපි මතක් කරන්න කැමතියි.

 Simple and easy to wear clothes
Ribbons, stones, frills, belts, zips, hooks වගේ අමතර items පිරුණු ඇඳුමක් කිසිසේත්ම පොඩි දරුවකුට පහසුදායක ඇඳුමක් නම් වෙන්නේ නැහැ. පිටත් පෙනුම කොයි තරම් ලස්සනට වුණත් ඒක පොඩ්ඩට සුවපහසු වෙන්නෙ නෑ වගේම මේ වගේ fancy items නිසා වැඩිපුර දහඩිය දමන්න සහ rashes එන්න වුණත් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩොන්ගේ ඇඳුම් තෝරනකොට දරුවාට අනාරක්ෂිතයි කියලා හිතෙන විදිහේ කොටස් නැති ඇඳුම් තෝරාගන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ හැම කරුණක්ම සලකලා බලා, පොඩ්ඩාට ඇඳුම් මිලට ගන්නකොට හැකිතාක් සරල, සුවපහසු සහ අඳින්න ගලවන්න පහසු designs වල ඇඳුම් තෝරාගන්න වගබලා ගන්න කියලා අපි නැවතත් මතක් කරනවා.

 Fashion

වැඩිහිටියන්ට සුදුසු ආකාරයේ ඇඳුම් ආයිත්තම් වෙනුවට පොඩ්ඩාගේ වයසට ගැළපෙන ආකාරයේ ඇඳුම් තෝරාගැනීම ගැන විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. මොකද පොඩ්ඩොන්ගේ හුරතල් පෙනුම රැකෙන්නට, අඳින ඇඳුම වැඩි වශයෙන් බලපෑමක් කරන නිසයි. ඔබ මුදල් වියදම් කරලා මිලට අරන් අන්දන ඇඳුමෙන් පොඩ්ඩාගේ පෙනුම අවලස්සන වෙනවා නම් එය සම්පූර්ණ නිරර්ථක කටයුත්තක් බවත් වැඩිහිටියෝ විදිහට අපි දැනගත යුතු වෙනවා.

උපදෙස්

ඇඳුම් නිර්මාණ ශිල්පී

ප්‍රණීත් රණවීර

Beauty

වියළි හිසකෙස්, කැඩී යන හිසකෙස් ඇති, අධික තාපය සහිත උපකරණ නිතිපතා භාවිත කරන, ස්ට්‍රේට්, රිබොන්ඩින් වැනි රසායනික වෙනස්කම්වලට භාජනය කරනු ලැබූ, වර්ණ ගන්වන ලද හිසකෙස් සඳහා මෙන්ම, කෙස් පැළීමට ලක් වී ඇත්නම් එවැනි හිසකෙස් සඳහා hot oil treatment  එකකින් ලැබෙන සත්කාරය ඉතාම වටී.

Beauty

අව පැහැ සමකින් යුතු යෞවනියන්, යුවතියන්, ලලනාවන් සුදු හමකට උරුමකම් කියන්න දක්වන්නේ අසීමිත ලොල් බවක්. එහෙත් ස්වාභාවික ක්‍රමවලට අනුගත නොවී කෘත්‍රිම ක්‍රමවලට සුදුු වෙන්න ගිහින් තමන්ට උපතින්ම උරුම වුණු සාමාන්‍ය සම පවා විනාශ කරගත් උදවිය ඕනෑතරම්.

Beauty

ඔබ ඔබේ මුහුණ සහ හිසකෙස් සඳහා හොඳම වර්ගයේ ෆේස්වොෂ්, ක්‍රීම්, ෂවර් ජෙල් සහ තෙල් වර්ග මිල දී ගන්නවා. මේ දේවල්වලට මූලික තැන දෙද්දි බොහෝ දෙනෙකුට මගහැරෙන තැන් දෙකක් තමයි අත් සහ පාද. නමුත් මුහුණ වගේමඅත් පා ද පිරිසිදුවට ලස්සනට තබාගැනීම ඉතාම වැදගත්.

Beauty

හිසකෙස් වැටීම යනු මිය ගිය හිසකෙස් සමෙන් හැලීමේ ක්‍රියාවලියයි. හිසකෙස් වැටීම විවිධ වයස් කාණ්ඩවල කාන්තාවන්ගේ මෙන්ම පිරිමින් වෙතිනුත් දැකිය හැකි තත්ත්වයකි.

Beauty

අපි දවස් පටන් ගනිද්දි කිරිපිටි වීදුරුවක් හෝ තේ එකක් බොන්න පුරුදු වෙලා ඉන්නවා.

Beauty

කාන්තාවක් ලෙස අපි හැමෝම කැමැතියි තරුණ පෙනුම ආරක්ෂා කර ගන්න.

Beauty

ලස්සන නිය පෙළක් කාන්තා දෑතට සැබැවින්ම අභිමානයක්. නිය පෙළක් තිබුණු පළියටම එය ලස්සන, නීරෝගි නිය පෙළක් වන්නේ නැහැ.

Beauty

රුව රැක ගන්නට කවුරු නම් ආසා නොකරම්ද? ඒ සඳහා යොදන ස්වභාවික අමුද්‍රව්‍ය අතුරින් මී පැණි මුල් තැන් හි ලා සිටියි. මී පැණි මුහුණට සහ සමට යෙදීම හොඳද? එය භාවිත කරන්නේ කෙසේද?

මී පැණි යනු වඩාත් පෝෂණීය ස්වභාවික අමුද්‍රව්‍යවලින් එකකි. එය ඔබේ සෞඛ්‍යයට ප්‍රයෝජනවත්වන අතර සම ආරක්ෂා කරයි. පැහැපත් සමක් සහ මෘදු සමක් පවත්වා ගැනීම සඳහා බොහෝ අය මී පැණි භාවිත කරයි. මීට අමතරව, මී පැණිවල ඇති ස්වභාවික එන්සයිම සම රැක දෙයි. බොහෝමයක් සම රැකගන්නා නිෂ්පාදනවල මී පැණි ද ඔබට හමුවනු ඇත්තේ එබැවිනි.

මී පැණි සතුව ක්ෂුද්‍ර ජීවී නාශක සහ තුවාල සුව කිරීමේ ගුණ ඇත. ඔබේ නිවෙසේ මී පැණි බෝතලයක් තිබේ නම්, එය ඔබේ සමට පහසුවෙන් භාවිත කළ හැකිය.

* මී පැණි මඟින් කුරුලෑ සුව කරයි.

* මී පැණිවල එන්සයිම, ඇමයිනෝ අම්ල, ඛනිජ ලවණ සහ විටමින් අඩංගුවන අතර එය සුළු පිළිස්සුම් සහ තුවාල සුව කළ හැකියි.

* එය ඔබේ සම මොයිස්චරයිසින් කරයි.

මී පැණි විශිෂ්ට මෘදුකාරකයක් වන අතර ඔබේ සමට තෙතමනය ලබා දේ. එබැවින් එය මොයිස්චරයිසින් ක්‍රීම් සහ දියර සඳහා බහුලව භාවිත වේ. ඕනෑම කැසීමක් සහ දැවිල්ලක් අඩු කරන බැවින් ඔබට වියළි සම සඳහා මී පැණි භාවිත කළ හැකියි.

සමේ pH අගය පවත්වා ගැනීමට

මී පැණි ඔබේ සමේ pH අගය නියාමනය කිරීමට සහ ඕනෑම ආකාරයක ආසාදන වැළැක්වීමට උපකාරී වේ . මී පැණිවල ඇති අඩු pH අගය රෝග කාරක විශාල ප්‍රමාණයක් වර්ධනය වීම වළක්වන අතර තුවාල ඉක්මනින් සුව කිරීමට උපකාරී වේ.

මී පැණි ඔබේ සමට උදවු කරන්නේ කෙසේදැයි දැන් ඔබ දනී.

ඔබට මී පැණි සෘජුවම මුහුණේ ආලේප කළ හැකිය. ඉන්පසු මිනිත්තු 10 ක් පමණ මෘදුව රවුම්ව ඔබේ සම්බාහනය කරන්න, ඉන්පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මීට අමතරව අපි එදිනෙදා භාවිතයට ගන්නා එක් එක් දෑ සමඟ මී පැණි මිශ්‍රකර රූපලාවණ්‍ය සත්කාරයන් කිහිපයක් ම නිවෙසේදීම කරගත හැකිවේ.

සම සඳහා මී පැණි සහ ලෙමන්
ලෙමන් යුෂ විටමින් C සහ සිට්‍රික් අම්ලයෙන් පොහොසත්ය. ලෙමන් යුෂ ඔබේ සම තෙල් රහිතව තබා ගැනීමටත්, සිදුරු අවමකර ගැනීමටත් උදවු කරයි. මී පැණි සහ ලෙමන් මුහුණට පැක් එකක් ලෙස යෙදීමෙන් කුරුලෑ ඇතිවීම පාලනය කළ හැකියි.

මේ සඳහා අවශ්‍ය වන්නේ

* ලෙමන් ගෙඩි බාගයක යුෂ

* මී පැණි මේස හැන්දක්

** තරමක් දියාරු මිශ්‍රණයක් ලබා ගන්නා තෙක් මී පැණි සමඟ ලෙමන් යුෂ මිශ්‍ර කරන්න.

** පළමුව මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ (ඇස් වටා හැර) ආලේප කරන්න.

** විනාඩි 20 ක් පමණ තබා සෝදා පිරිසුදු කරගන්න.

මී පැණි සහ ඇපල් සයිඩර් විනාකිරි

ඇපල් සයිඩර් විනාකිරිවලට සම මෘදු කිරීමේ හැකියාව පවතී.

ඔබට අවශ්‍ය වනු ඇත්තේ

* කිරිපිටි මේස හැඳි 1 ක්

* ඇපල් සයිඩර් විනාකිරි තේ හැඳි 2 ක්

* තේ හැඳි බාගයක මී පැණි

** දියාරු මිශ්‍රණයක් සකස් කරගන්න.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** දැන් මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න. ඔබේ ඇස් වටා ඇති සිනිඳු සම රැක ගැනීමට වග බලා ගන්න.

** මිශ්‍රණය විනාඩි 15 ක් පමණ තබන්න.

** සිසිල් ජලයෙන් ඔබේ මුහුණ සෝදා පිසදා ගන්න.

** දැන් පැක් එකක් ලෙස ආලේප කරන්න.

සම සඳහා මී පැණි සහ කුරුඳු

කුරුඳු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතුයි. කුරුඳු ජෙල් කුරුලෑ තුවාල අඩු කිරීමට උපකාරී වන බව පර්යේෂණ මඟින් සනාථ වූවකි. මී පැණි සමඟ කුරුඳු සම මත ගැල්වීම කුරුලෑ ඉවත් කිරීමට බොහෝ සේ උපකාරී වේ.

ඔබට අවශ්‍ය වනුයේ

* කුරුඳු කුඩු ස්වල්පයක් හෝ කුරුඳු තෙල් බින්දු 2-3 ක්

* මී පැණි තේ හැඳි 1ක්

** මී පැණි සහ කුරුඳු එකට හොඳින් මිශ්‍ර කරන්න.

** කුරුලෑ තුවාලවලට මිශ්‍රණය යොදන්න.

** එය විනාඩි 10-15 ක් තබන්න.

** දැන් සෝදා හරින්න.

** සතියකට 1-2 වතාවක් මේ සත්කාරය කරන්න.

සම සඳහා මී පැණි සහ තක්කාලි

මී පැණි සමඟ තක්කාලි ඔබේ සම නිරෝගීව තබයි.

ඔබට අවශ්‍ය වන්නේ

* ඉදුණු තක්කාලි ගෙඩි භාගයක්

* මී පැණි මේස හැන්දක්

** තක්කාලි ගෙඩියක් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

** තක්කාලි යුෂවලට මී පැණි එකතු කර හොඳින් මිශ්‍රකරන්න.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මේ මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න.

** මේ පැක් එක මිනිත්තු 15 ක් පමණ තබන්න.

** සිසිල් ජලයෙන් සෝදා හරින්න.

** ඔබේ මුහුණ තුවායෙන් වියළා ගන්න.

සම සඳහා මී පැණි සහ යෝගට්

යෝගට්වල L-cysteine ​​අඩංගු වන අතර එය සම පැහැපත් කිරීමට උපකාරී වේ. මැරුණු සම ඉවත් කිරීමට සහ පැහැපත් කිරීමට එය උපකාරී වේ. සම සිසිල් කිරීමේ සහ මෘදු කිරීමේ බලපෑමක් ද ඇත.

ඔබට අවශ්‍ය වන්නේ

* කිරි හෝ යෝගට් හැඳි 1 ක්

* මී පැණි මේස හැන්දක්

** සුමට මිශ්‍රණයක් ලබා ගැනීම සඳහා මී පැණි සහ යෝගට් එක හොඳින් මිශ්‍ර කරන්න.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න. ඔබේ ඇස් වටා සිනිඳුවට ආලේප කරන්න.

** මිශ්‍රණය විනාඩි 15 ක් පමණ තබන්න.

** මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

**ඔබේ මුහුණ තුවායකින් යන්තමට වියළා ගන්න.

මෙය සතියකට දෙවතාවක් පමණ නිවෙසේදී කරගත හැකි අපූරූ ප්‍රතිකර්මයකි.

සම සඳහා මී පැණි සහ ඔලිව් තෙල්

ඔලිව් සම මත සම්බාහනය කරද්දී එය සමේ සිදුරු ඉවත් කිරීමට සහ සමේ අපිරිසුදු කොටස් ඉවත් කිරීමට උපකාරී වේ. මී පැණි සමඟ එකතු වූ විට එය සම පිරිසුදුව තබා ගැනීමට සහ කැසීම වළක්වා ගැනීමට උපකාරී වේ.

ඔබට අවශ්‍ය වන්නේ

* මී පැණි හැඳි මේස හැඳි 2 ක්

* ඔලිව් තෙල් මේස හැඳි 2 ක්

** ඔබ සුමට මිශ්‍රණයක් ලබා ගන්නා තෙක් මී පැණි සහ ඔලිව්තෙල් හොඳින් මිශ්‍ර කරන්න.

** මිශ්‍රණය තරමක් උණුසුම් වනතුරු තත්පර 20 ක් පමණ මයික්‍රෝවේව් එකක තබන්නටත් පුළුවනි.

** මෘදු ක්ලෙන්සර් එකකින් ඔබේ මුහුණ සෝදා වියළා ගන්න.

** මෙම මිශ්‍රණය ඔබේ මුහුණේ ආලේප කරන්න. ඔබේ ඇස් වටා ඇති සිනිඳු සම ආරක්ෂා කරගැනීමට වග බලා ගන්න.

** මිශ්‍රණය විනාඩි 5 ක් පමණ තබන්න.

** මඳ උණුසුම් ජලය සහ මෘදු පිරිසුදුකාරකයකින් මිශ්‍රණය සෝදා හරින්න.

 

Tarunie

 

 

Beauty

නිවෙසේදී අත්හදා බැලීමට පහසු හෙනා වට්ටෝරු කිහිපයක් පිළිබඳව අද අපි ඔබට තොරතුරු රැගෙන එනවා.හෙනා යනු අපගේ හිසකෙස්, ශරීරය සහ ඇඳුම් මත භාවිත කළ හැකි සම්පූර්ණයෙන්ම ස්වාභාවික ඩයි වර්ගයක්.