කෙනෙක් දුටුමතින්ම ආකර්ෂණය වන්නේ සිත් ළගන්නවා සුලු මුව කමලක් වෙතටයි. සුදුවීමටම අවශ්‍ය නැහැ. තලෙළු පැහැයේ විවිධ පරාසරයන්ගෙන් යුතු වුවත් පැහැපත් සමක් ඇති මුහුණක් දෙස කෙනකුට වරක් නොව නැවත හැරී බලන්නට තරම් සිතේවි.
තරුණ පෙනුම වියැකී යා නොදෙන්නට අපි හැකි තරම් උත්සාහ ගන්නෙමු. දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් දැන් ඒ සඳහා පිහිටට සිටීම සිතට අස්වැසිල්ලක් වනවා ඇති.
අපේ ගැහැනු ළමයින්ට තියෙන්නෙ ලොකුම ප්‍රශ්න දෙකයි. එකක් තමයි කෑවේ නැතත් මහත් වෙන ප්රශ්නය. අනික තමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති එක. මහත අඩු කරගන්න නම් ඕනී තරම් ක්‍රම තියෙනව. එත් කෙට්ටු අයට මහත් වෙන්න තියෙන ක්‍රම අඩුයි. අනේ ටිකක් මහත් වෙන්න තිබ්බ නම් කියලා හූල්ලන අයට තමයි අද මේ ලිපිය....
මේ විදිහට ආහාර පාන ගත්තොත් අනිවාර්යෙන් මහත් වෙනවා.
බාර්ලි ඇට අරන් සෝදලා වේළලා කබලේ බදින්න. පසුව කුඩු කරලා බෝතලේකට දාලා සුළං නොවදින්න තියා ගන්න. සෑම උදේකම හිස් බඩ කිරි වීදුරුවට අර බාර්ලි පිටි මේස හැඳි 2ක් සහ ටිකක් දාලා දිය කරලා බොන්න. සතියක් යන්න කලින් මහත් වෙලා තියේවි.
2 මුද්දරප්පලම් කියන්නෙ මහත් වෙන්න කැමති අය කන්න ඕනිම කෑමක්. මලල ක්‍රීඩකයන්ට, කායවර්ධනය කරන අයට පවා නිර්දේශ කරල තියෙන කෑමක්. රෑට නිදියන්න පැය බාගයකට විතර කලින් මුද්දරප්පලම් අහුරක් කන්න. කාලා ඒ වෙලාවෙදිම වතුර වීදුරුවක් බොන්න. සති දෙකක් විතර යද්දි බලන්නකො ප්‍රතිඵල කොහොමද කියල.
3. කෙසෙල් කියන්නෙ කැලරි වැඩි පලතුරක්. මහත් වෙන්න නම් කැලරි වැඩියෙන් ගන්න ඕනි. පොඩි කෙසෙල් ගෙඩියක කැලරි 90ක් තියෙනවා. ලොකු කෙසෙල් ගෙඩියක කැලරි 121ක් තියෙනවා. මහත් වෙන්න ඕනි නම් දවසකට ලොකු කෙසෙල් ගෙඩි දෙකක්වත් කන්න වෙනවා. ඊට අමතරව මෙන්න මේ වැඩෙත් කරල බලන්න. උදේ නැඟිට්ට ගමන් කෙසෙල් ගෙඩි දෙකක් හරි තුනක් හරි කන්න. ඒ කාපු ගමන්ම කිරි වීදුරුවක් බොන්න. ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා සත්තයි.
4. ගිතෙල් කියන්නෙත් මහත් වෙන්න කැමති අයට හොඳ කෑමක්. එදිනෙදා කන කෑමවලට ගිතෙල් ටිකක් එකතු කරගන්න එක පුරුද්දක්කර ගත්තොත් කෙට්ටු අයට මහත් වෙන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඊට අමතරව ගිතෙල් හැන්දකට සීනි ටිකක් එකතු කරලා දවසකට වරක් කන්න. ඔයාටම තේරෙයි ටික දවසක් යද්දි ඔයා හිටියට වැඩිය මහත් වෙලා විතරක් නෙවේ සුදු වෙලා පාටත් වැටිල කියලා.
5. ඉක්මනින් මහත් වෙන්න ඕනි අය කන්න ඕනිම එළවළුවක් තමයි කැරට්. කැරට් ගෙඩියක යුෂ දිනපතා බොනව නම් කෙට්ටුව මට්ටු කරන්න ලේසියෙන් පුළුවන්. සීනි ටිකකුත් දාලම බොන්නත් අමතක කරන්න එපා.
6. තවත් පහසුවෙන්ම කාලා මහත් වෙන්න පුළුවන් කෑමක් තමයි රටකජු කියල කියන්නෙ. පෘථිවියේ තියෙන පෝෂණයෙන් වැඩිම ආහාරයක් විදිහට මුළු ලෝකයම පිළිගන්න කෑමක් තමයි රටකජු. ප්‍රෝටීන් සහ ශක්තිය බහුලයි. රටකජුවල තියෙන ප්‍රෝටීන් ඉක්මනින් බර වැඩි කරගන්න උදවු කරනවා.
7. මී පැණි තේ හැන්දක කැලරි 64ක් තියෙනවා. ඊට අමතරව කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 17ක් තියෙනවා. ඒ නිසා මී පැණි කියන්නෙත් මහත් වෙන්න හොඳ කෑමක්. උදේම බොන කිරි වීදුරුවටම මී පැණි කෝප්පයක් කලවම් කරලා බීල බලන්නකො. මේකත් මහත් වෙන්න කැමති අයට හොඳ විසඳුමක්. චීස් බෝලයක් වගෙ මහත් වෙලා ලස්සනට පිරිල ඉන්න කැමති අය මේ පානය දිනපතා බීල බලන්නකො.
8. මහත් වෙන්න හිතන අය ටිකක් පරෙස්සම් වෙන්නත් ඕනි. මොකද මහත් වෙන්න කියලා හිතෙන හිතෙන හැටියට කාලා අන්තිමට මහත් වෙන එක කෙසේවෙතත් ලෙඩ ගොඩක් නම් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැදගත් වෙන්නෙ නීරෝගීව මහත් වෙන එකයි. ඒ සඳහා කාබෝහයිඩ්රේට් වැඩි කෑම කාලා හරියන්නෙත් නෑ. පිටි කෑම කාලා කාල මහත් වුණොත් නිකම් ලෙඩ ගොඩක් විතරයි ලැබෙන්නෙ. ඒ නිසා කාබෝහයිඩ්රේට් අඩු කරලා ප්‍රෝටීන් වැඩිපුර එකතුකර ගන්න. කිරි, බිත්තර, චීස්, අලිගැටපේර, රටඉඳි, මුද්දරප්පලම්, ආමන්ඩ්, ඇට ජාති, යෝගට්, කජු, අර්තාපල් වගේ ආහාර නිතර කන්නත් අමතක කරන්න එපා.
තවත් හුඟක් හොඳ දෙයක්. කට්ටිය පටලවගන්න එපා මේ රටකජුයි සහ පීනට් බටර් ගැන නෙමේ කියල තියෙන්නේ, රටකජුවලින් හදන බටර් ගැන. මිල නම් ටිකක් වැඩියි ඒ වුණාට ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද නිකම් වුණත් කන්න පුළුවන්. පීනට් බටර් සිරුරට හුඟක් හිතකර මේද අම්ල සහ කැලරිවලින් සමන්විතයි.
9. කල්පනාවෙන් වතුර බොන්න...
අපේ සිරුරට වතුර අත්‍යවශ්‍යයි. ඒ නිසා වතුර ප්‍රමණවත් තරම් බොන එකත් අත්‍යවශ්‍යයි. ඒ වුණාට මෙතැනදී කියන්න හදන්නේ සමහර වෙලාවල් තියෙනවා ඒ වගේ වෙලාවල්වලට හුඟක් වතුර බොන්න හොඳ නැහැ. උදාහරණයක් කියන්නම්. සමහර අය පුරුදු වෙලා තියනව කන්න කලින් හුඟක් වතුර බොන්න. මේක නම් එච්චර හොඳ දෙයක් නෙමේ. මොකද හේතුව එහෙම හුඟක් වතුර කන්න කලින් බිව්වම ඔයාට බඩ පිරිලා වගේ දැනෙනවා. ඉතින් ප්‍රමාණවත් තරම් අහාර ප්‍රමාණය ඔයාට ගන්න බැහැ. මොකද වතුර නිසා පොඩ්ඩක් කනකොට බඩ පිරිලා. අනිත් හේතුව තමයි වතුර හුඟක් ආමාශයේ තියෙද්දී අපි කන කෑම දිරවන්න අපහසුයි වගේම කෑම හරියට ජීර්ණය වෙන්නෙත් නැහැ .
10. තන්තුමය ආහාර වැඩියෙන් ආහාරයට ගන්න.
මේකත් හුඟක් වැදගත් දෙයක්. හැබැයි අපි වැඩිය සැලකිලිමත් වෙන්නෙත් නැති දෙයක්. අපි කොච්චර කෑම කෑවත් ඒක ජීර්ණය පහසු කරන්න සහ බඩවැල් දිගේ නිසි පරිදි ගමන් කිරීමටත් මේ තන්තු හුඟක් වැදගත් වෙනවා. තව දෙයක් තමයි මල බද්ධය වගේ ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නත් පුළුවන්.
11. හුඟක් හොඳ ශරීරයට හිතකර කාබෝහයිඩ්රේට් සහිත අහාර වැඩියෙන් ගන්න. මෙතැනදී අපි අදහස් කරන්නෙ නිකම් කාබෝහයිඩ්‍රේට්වලට වඩා හුඟක් ගුණදායක කාබෝහයිඩ්රේට් වර්ග සහිත ආහාර පාන ගන්න තියෙනවානම් හොඳයි කියන එක. උදාහරණයක් විදියට කියනවා නම් බතල, රතු බත් ඊට අමතරව ඕට්ස් වගේ දේවල් ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. මොකද මේවයේ තන්තු ප්‍රමාණය හුඟක් ඉහළයි. ඒක නිසා ජීර්ණ ක්‍රියාවලිය හුඟක් හොඳට වෙනවා. ඒවගේමයි මේ ආහාරවලින් සිරුරට අහිතකර සීනි එකතු වෙන්නේ නැති නිසා තවත් හොඳයි.
12. නිදා ගන්න කලින් කන්න
මේකත් හුඟක් වැදගත් කරුණක්. සාමාන්‍යයෙන් අපි නිදා ගන්න ගියාම සිරුර පැය 5 - 6 හෝ ඊටත් වැඩි කාලයක් පවතින්නේ බඩගින්නේ. ඒක හොඳ දෙයක් නෙමේ. රෑ නිදා ගන්න පැය 1/2 කලින් වැඩිය බර නැති සැහැල්ලු හා ගුණදායක දෙයක් ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි.
Tharunie
කෙනෙක් දුටුමතින්ම ආකර්ෂණය වන්නේ සිත් ළගන්නවා සුලු මුව කමලක් වෙතටයි. සුදුවීමටම අවශ්‍ය නැහැ. තලෙළු පැහැයේ විවිධ පරාසරයන්ගෙන් යුතු වුවත් පැහැපත් සමක් ඇති මුහුණක් දෙස කෙනකුට වරක් නොව නැවත හැරී බලන්නට තරම් සිතේවි.
ජීවිතයම සතුටින් ඉන්න...
දවසට පැය දෙකක් වෙන්කර ගන්න
හිතට කිසිම සැහැල්ලුවක් නැද්ද? ආතතිය වැඩි වෙලාද? මනස නොසන්සුන්ද? ජීවත් වුණා ඇති කියලා හිතෙනවාද? මේ ගැටලු අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්. අද නිර්මාණය වෙලා තියෙන සමාජය අතිශය තරගකාරී සමාජයක්.
කැරලි කොණ්ඩයක් කියන්නේ හැමෝටම හීනයක්. ස්වාභාවිකවම කැරළි කොණ්ඩයක හිමිකාරියක් වීම කියන්නෙම වාසනාවක් කියලයි හැමෝම කියන්නේ. ඒත් කැරලි කොණ්ඩයකට හීන දකින අයටත් ඒ වාසනාවන්තියන් අතරට එකතු වෙන්න පුළුවන් කියලා කිවුවොත් ඔබ පුදුම වෙනව ද? ඇත්තටම දැන් ඒ හීනය සැබෑවක් කරගන්න පුළුවන්. හැබැයි කර්ලි හෙයාර් එකක් නඩත්තු කරන්න ලේසි නැහැ. එයා ටිකක් හිතුවක්කාරයි. ගොඩක් පරිස්සම් කරන්න වෙනවා.
පැහැපත් නීරෝගි සමක් පවත්වා ගැනීම සෑම කාන්තාවකගේම බලාපොරොත්තුවක්. ඉතිං පිරිපුන්, නීරෝගි ලස්සන සමක් පවත්වා ගනිමින් ගෙදරදීම සුදු වෙන හැටි අද අපි ඔබට කියලා දෙනවා.
සිත් ළගන්නා සුලු දෙතොලකට කෙනකු පහසුවෙන්ම වශී කරවන්නට පුළුවනි. ඔබත් උපතින්ම අව පැහැ නොගත් මනා හැඩයෙන් යුතු දෙතොලක් උරුම වූ තැනැත්තියක්ද?
එසේ් නොවුණේ නම් එය පසුතැවිල්ලට කාරණයක් කරගන්නට එපා. Aasthetic Medicine හෙවත් රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව සෙවණැල්ලක් මෙන් ඔබ අසලින්ම රැඳේවී. මේ පිළිබඳ අප පසුගිය සතියේත් යම් විවරණයක යෙදුණා, ඔබට මතක ඇති.
රූපශ්‍රීයෙන් යුතු අඟපසඟවලින් හෙබි තැනැත්තියක වන්නට රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ සහාය ලබා ගන්නට දැන් ඔබ විදෙස්ගත වන්නට අවශ්‍ය වන්නේ නැහැ. මෙරටදී ඒ සඳහා බොහෝ පහසුකම්වලින් යුතු සායනයන් ක්‍රියාත්මක වේ. මෙය තරමක් සුඛෝපභෝගී වෛද්‍ය ක්‍රමයක්වන නිසා රජයේ රෝහල්වල ක්‍රියාත්මක නොවුණත් පෞද්ගලික අංශයේ සායන ලෙසින් පැවැත්වේ.
ඉතින් අපි බලමු රූපාලංකරණ වෛද්‍ය විද්‍යාව ඔස්සේ යමින් හැඩැති දෙතොලකට උරුමකම් කියන්නේ කෙසේ දැයි කියා.
ඇයි මේ අඳුරු තොල්
* තොල් අඳුරු වීම උපතින්ම ගෙන ආ දෙයක් වන්නට ඇති. පිග්මන්ටේෂන් හෙවත් මෙලනින් වර්ණකය වැඩි වීම ඊට හේතුවයි.
* ප්‍රමිතියෙන් තොර ලිප් බාම් සහ ලිප්ස්ටික් භාවිතය ද ඇතැම් විට අඳුරු තොල්වලට හේතුවකි.
* එසේම අව්වට පිලිස්සීම, රසායනික දෑ අඩංගු ආලේපන තොල් මත තැවරීම ද හේතුවකි.
* සිගරට් බීම නිසාත් කෙනකුගේ් තොල් අඳුරු පැහැ වීමට පුළුවනි.
* තොලෙහි මැරුණු සම එකතු වීම ද තවත් එක් හේතුවකි.
රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවට අනුව ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට තොල් අව පැහැ වුණු හේතූව නිරීක්ෂණයෙන් පසු හඳුනා ගත හැකිවේ.
ප්‍රතිකර්ම
තොල්වල අව පැහැය ඉවත් කිරීමට ලේසර් සත්කාරයක් හෝ රසායන ද්‍රව්‍යවලින් තොර ආලේපනයක් ගල්වයි. ඒ අනුව මැරුණු සම ඉවත් වේ. මෙලනින් අධික ස්වභාවයක් ඇත්නම් එයද ඉවත්වේ. මෙය රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවට අනුව ඩයමන්ඩ් සත්කාරයක් ලෙස හඳුන්වයි.
ඉන්පසු තොලෙහි ඇති වර්ණයට වඩා පැහැපත් වෙනත් වර්ණයක් ටැටූ එකක් මෙන් ඇතුළු කළ හැකියි. Semi Permanant Make -Up ලෙස එය හඳුන්වයි. එය ටැටූ එකකින් වෙනස් වන්නේ තොලට නික්ෂේපණය කරන ද්‍රව්‍ය පවතින්නේ වසර 2ත් 4ත් අතර කාලයක් පමණක් වීම නිසයි. ඉන්පසු ටිකෙන් ටික ෂේඩ් වන්නට පටන් ගනී. අවශ්‍ය නම් ඊට පෙර වුවද ලේසර් ප්‍රතිකාර ක්‍රමවේදය ඔස්සේ තොලෙහි වර්ණය වෙනස් කරගත හැකියි.
මේ අතරතුරේ මෙලනින් නැවත එකතු වීම, මැරුණු සම නැවත එකතු වීම වැළැක්වීම සඳහා වෛද්‍යවරයාට ඖෂධ නියම කළ හැකිවේ. මේවා ආලේපන සහ ප්‍රතිකාරයි. ඒ අනුව හැමදාටම තොල් අව පැහැ නොවී දීප්තිමත්ව පවත්වා ගෙන යා හැකිවේ. දිදුලන රෝස පැහැයකින් එනම් ස්වාභාවික වර්ණයකින් පවත්වා ගත හැකිවේ.
සිහින් තොලක් වෙනුවට
ඇතැමුන්ගේ තොල් පිහිටා ඇත්තේ ඉතාම සිහින්වයි. මේ සිහින් බව මුහුණට කලඑළියක් ගෙන නොදෙන්නක් වීමට පුළුවනි. තරමක් පළලට මනා හැඩතලවලින් යුතු දෙතොලක් ඔබ වෙත තිළිණ කරලන්නට රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ නියැළෙන වෛද්‍යවරුනට පුළුවනි. එසේම පළලට පිහිටියත් එහි හැඩතලය කෙරෙහි ඔබ සෑහීමට පත් නොවන්නේ නම් එහි ඇති අඩුපාඩු සකසා ගන්නට පුළුවනි. ඔබ ප්‍රිය කරන දෙතොලක් වේ නම් එහි ඡායාරූපයකට අනුව උදාහරණයක් ලෙස නිළියකගේ ලස්සන දෙතොලකට ඔබ කැමැත්තේ නම් ඒ අනුව තොල සකසා ගැනීමට ද අවස්ථාව තිබේ.
ඇතැමුන් සිනා වෙද්දී විදුරුමස තෙක්ම පෙනේ. මෙය එතරම් ප්‍රියජනක දෙයක් නොවන නිසා එසේ නොවී මනා හැඩතලයකට අනුව තොල පවත්වා ගත හැකියි. මෙය ඩර්මා ෆිලර් සත්කාරය(derma filler)යි. එහිදී තොල මෘදු කරවයි. මේ සඳහා යොදා ගන්නේ හැලරොනික් අම්ලය(Hyaluronic Acid)යි. එය අපේ සිරුරෙන් ද නිපද වේ. එය අපේ සිරුරේ ඇති කොලජන් හා එකතු වී තොලෙහි ප්‍රමාණය විශාල වීමක්(volum) පෙන්වයි.
තොල් ප්‍රමාණයටත් වඩා විශාලව පෙන්වයි නම් ඒ සඳහා රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකර්මයක් දැනට නැත. එවැනි කෙනකුට ප්ලාස්ටික් සැත්කමක් කරගන්නට අවස්ථාව තිබේ.
ආයු කාලය
මෙම ප්‍රතිකාරය ද තොල්වල පැහැය මෙන් ක්‍රමයෙන් පෙර තිබූ තත්ත්වයට පත්වේ. ඒ සඳහා වසර 2ක පමණ කාලයක් ගතවේ. තොල් ඉතාම ක්‍රියාශීලිව කටයුතු කරන නිසා නැවත පිරවීම කළ යුතුයි.
දැන් දැන් මල් මනාලියක් වීමට සිටින්නියන්(Bride To Be), මැදිවියේ අය පවා මේ සම්බන්ධයෙන් උනන්දු වේ.
--------------------
රෝස පැහැති තොල් ලබා ගැනීමට නිවෙසේදී කළ හැකි ස්වාභාවික පිළියම්
ස්වාභාවිකව රෝස පැහැති තොල් ලබා ගන්න ඔබත් කැමැති ඇති. මේ පහසු පිළියම් අත්හදා බලන්න උත්සාහ ගන්න.
පොල් තෙල්
* ඔබේ දබර ඇඟිල්ල අමතර පිරිසුදු පොල්තෙල් කෝප්පයක ගිල්වා එය ඔබේ තොල් මත ආලේ්ප කරන්න.
* එය විනාඩි 30ක් ස්වාභාවිකව වියළීමට ඉඩ දෙන්න.
* ටිෂූ කඩදාසියක් ගෙන ඔබේ තොල් පිස දමන්න.
දෙහි යුෂ
* කෝප්පයකට දෙහි හෝ ලෙමන් යුෂ මේස හැඳි 1ක් සහ මී පැණි බිංදු 1ක් එක් කරන්න. එය හොඳින් මිශ්‍ර කරන්න.
* එම මිශ්‍රණය තොල් මත ආලේප කර විනාඩි 15ක් තබන්න.
* වතුරෙන් සෝදා හරින්න.
කෝමාරිකා
* කෝමාරිකා කොළයක ඇති ජෙල් කෝප්පයකට ගන්න.
* දැන් ඔබේ තොල් මත ජෙල් ආලේප කර විනාඩි 15ක් සිටින්න.
* වතුරෙන් සෝදා හරින්න.
සීනි
* බඳුනකට සීනි මේස හැඳි 2ක්, දෙහි යුෂ මේස හැඳි 1ක් සහ මී පැණි බින්දු 1ක් මිශ්‍ර කරන්න.
* පුළුන් බෝලයක් පේස්ට් එකේ ගිල්වා මෙම පේස්ට් ඔබේ තොල්වල ආලේප කරන්න. මිනිත්තු 5ක් පමණ රවුම්ව ඔබේ තොල් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.
*වතුරෙන් සෝදා හරින්න.
පිපිඤ්ඤා
* නැවුම් ලෙස කපාගත් පිපිඤ්ඤා පෙති 4ක් බ්ලෙන්ඩ් කර එහි යුෂ පෙරා ගන්න.
* තොල් මත සාදා ගත් යුෂ ආලේප කර විනාඩි 10ක් ඉන්න.
* වතුරෙන් සෝදා හරින්න.
අල
* අර්තාපල් පොතු ඉවත් කර ග්‍රයින්ඩර් කරන්න. එයින් යුෂ බඳුනකට මිරිකා ගන්න.
* පුළුන් බෝලයක් යුෂවල ගිල්වා එය ඔබේ තොල් මත අතුල්ලන්න.
* විනාඩි 10ක් තබා ගැනීමෙන් එය වතුරෙන් සෝදා හරින්න
-Tharunie
අපි හැමෝම කැමැතියි ලස්සනට ඉන්න. ඒ නිසා අපි හුඟක් වියදම් කරලා ක්‍රීම් ජාති ගානවා. ඒ වගේම සැලෝන් යනවා. මේ ඔක්කොම දේවල් කරන්නේ මුහුණ පැහැපත් කරගන්න.
තමන්ගේ සම සුන්දරව තබා ගැනීමට කාන්තා පිරිමි භේදයකින් තොරව අපි හැමෝම කැමැතියි. ඒ සඳහා ඔවුන් නොයෙකුත් පිළිවෙත් අනුගමනය කරයි. නමුත් එම ක්‍රමවේද සෞඛ්යාරක්ෂිත වීමටත් සෞඛ්යාරක්ෂිත නොවීමටත් ඉඩ තිබේ.
ජීවිතයම සතුටින් ඉන්න...
දවසට පැය දෙකක් වෙන්කර ගන්න
හිතට කිසිම සැහැල්ලුවක් නැද්ද? ආතතිය වැඩි වෙලාද? මනස නොසන්සුන්ද? ජීවත් වුණා ඇති කියලා හිතෙනවාද? මේ ගැටලු අඩු වැඩි වශයෙන් ඔබ තුළ තිබෙන්නට පුළුවන්. අද නිර්මාණය වෙලා තියෙන සමාජය අතිශය තරගකාරී සමාජයක්.
විලාසිතා....විලාසිතා....මනබඳිනා විලාසිතා. කවුරු කොහොම කිවුවත්
විලාසිතා කරන්න අපිත් ආසයි.
"පිටින් පේන මනුස්සයා නෙවෙයි ඇතුළේ ඉන්න කෙනයි වටින්නේ" වගෙ කතන්දර කොච්චර කිවුවත් පිටින් ඉන්න කෙනාව ගණන් ගන්න තමයි අපි ජීවත් වෙන සමාජය පෙළඹෙන්නේ.
අද අපි කතා කරන්නට යන්නේ අපි කවුරුත් හොඳින්ම දන්න අපිට එදිනෙදා ජිවිතයේදී අත්‍යවශ්‍යම දෙයක් ගැන. මේ ලිපිය කියවලා අවසන් කරනවත් එක්කම ඔබට දැනේවි අපි මොනතරම් නම් වටිනා දෙයක්ද මේ අපේ මුළුතැන්ගෙයි රාක්කයකට සීමා කළේ කියලා. එහෙනම් මේ කහ ගැන අපේ කතාවයි.
වයසට නොයා හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ඉන්න ඇත්නම් කවුද අකැමැති. එහෙත් කොණ්ඩයට, සමට නොයෙකුත් දේ ආලේප කරමින් උපතින්ම උරුම වූ ස්වභාවික ලස්සනට හානියක් ගෙන දෙන්න කිසිවෙක් කැමැති වන්නේ නැහැ.
ගමනක් යනකොට, වැඩට යනකොට පොඩියට මේකප් එකක් කරන්න ගෑනු ළමයි ආසයිනෙ. හැබැයි ඔයිලි ස්කින් එකක් නැත්නම් තෙල් සහිත හමක් තියෙන යුවතියකට නම් මේකප් කිරිල්ල එපා වෙන්නෙ මේකප් එකෙන් පස්සෙ මුහුණේ තෙල් ගතිය ඉස්මතු වෙන නිසා.
අද කාලේ තියෙන ප්‍රශ්නත් එක්ක කොණ්ඩෙ සුදු නොවී තියෙවීද? හැමෝම ඉන්නේ හිස ගිනි අරන් වගේ. ඒ කෙසේ වෙතත් ගසට වර්ධනයට මූල පද්ධතිය වැදගත් වන්නේ යම්සේද මිනිස් ශරීරයෙහි පැවැත්මට හිස සුවිශේෂී වැදගත්කමක් ගෙන දෙයි. ඒ විතරක් නෙවෙයි මේ හිස සහ කෙස් ආරක්ෂා වීම මඟින් මුහුණට විශේෂිත වූ අලංකාරයක් ද එක් කරයි.
ලස්සන නිකැළැල් සමක් සැමගේ සිහිනයක්. එදිනෙදා ජීවිතයේ දී, තරුණ වැඩිහිටි, වයස් භේදයකින් තොරව සියලු දෙනාටම ඇති වන ප්‍රධානම ගැටලුවක් වන්නේ මුහුණේ සහ සමේ ඇතිවන කැළැල් මකා ගන්නේ කෙසේද යන්නයි. එය කාන්තා සහ පිරිමි භේදයකින් තොරව ඇති වන සහ පිළියම් සොයන ගැටලුවකි.
ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීම මේ වෙනකොට බොහොම ලාභදායී ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වෙන ඔබත් මේ නිෂ්පාදන මිලට ගනිමින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් තරුණී අපි තීරණය කළා ඔබට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙන නිවෙසේදී සකස් කරගන්න පුළුවන් ෆේස් පැක් වර්ග කිහිපයක් ගැන කියලා දෙන්න.
Page 3 of 26