පිරිත් කියන්නට අපෙ ගෙදරට වැඩිය
සාධුන් අතරේ හුරු මුහුනක් දැක්ක මම
හුග දවසකින් අයියා ගෙදරට නාව
හිටියා දැක්ක මං සිවුරක් පොරවාන
හිරු රැස් සැඟව පාලුව හද ලන් වෙනවා..
නුඹ එන තුරුම මා සිත රිදුමන් දෙනවා ..
මහ වැස්සකට පරිසරයම සැරසෙනවා..
වැහි බිඳු අතර කඳුලැලි සැඟවී යනවා..
-------------------------
කාපට් කල පසුව අප මුමුණනා තැන්
දිවවිත් බලමි කඳුලක වේදනා වන් ...
පොරවා ටයිල් කාලයෙ භාවනාවන්
ප්‍රේමය දන්න දුහුවිලි වාසනාවන් .....
Page 37 of 42