Thursday, November 14, 2024
Follow Us
ආරුග‍ම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳ සොයා බැලීමට ආරක්‍ෂක ලේකම්වරයා එහි සංචාරයක

නැගෙනහිර පළාතේ සහ විශේෂයෙන් ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්‍ෂාව පිළිබඳ සොයා බැලීමට ආරක්‍ෂක ලේකම්වරයා ඊයේ (නොවැ.10) දින එහි සංචාරයක නිරත විය.

ඊයේ සිදුකළ සංචාරයේදී, ප්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානයට ලක් වූ අතර, ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට එහි ක්‍රියාත්මක ආරක්‍ෂක සැලැස්ම පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කරනු ලැබීය. ඒ අනුව, එළඹි නිගමනයන්ට අදාළව ප්‍රදේශයේ ආරක්‍ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද සංචාරක ආකර්ෂණීය ස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය. තවද, සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කළ යුතු බවද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ  නිලධාරීන් පිරිසක් සහභාගි විය.