Wednesday, December 25, 2024
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් අද (30) පස්වරුවේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

 එම නිවේදනය පහතින්,

දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් සංකේත වැඩ වර්ජනයකට එළඹීමට ගත් තීරණයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ වසර පහෙන් පහට ශ්‍රේණි උසස්වීමේ කටයුතු ප්‍රමාදවීම හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ බදවා ගැනීමේ පටිපාටියට අනුමත කිරීම දිගින් දිගටම ප්‍රමාද වීමයි.

කෙසේ වෙතත් අදාළ උසස්වීම ලබාදීම හා බදවා ගැනීමේ පටිපාටිය අනුමත කර ගැනීමට අවශ්‍ය පියවර මේ වන විටත් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ස්ථානාධිපතිවරුන් බදවා ගැනීමේ පටිපාටිය අනුමත කර ගැනීම උසස් කිරීම සම්බන්ධ ක්‍රියාවලියේ කොටසක් බැවින් බදවා ගැනීමේ පටිපාටිය ප්‍රථමයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් අනුමත කර ගත යුතු වේ. ඒ සදහා අවශ්‍ය බදවා ගැනීමේ පටිපාටියේ කෙටුම්පත මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති අතර, එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත වොමු කළ යුතු වුවත්, මේ දක්වා අවසාන කෙටුම්පත සදහා එකගතාවයකට එලඹීමට නොහැකි වී ඇත්තේ එම පටිපාටියේ අඩංගු වගන්ති දෙකක් සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති වෘත්තීය සමිතිය හා අනෙකුත් වෘත්තීය සමිතීන් අතර එකගතාවයක් නොමැති බැවිනි.

මේ පිළිබදව අවධානය යොමු කළ දෙපාර්තමේන්තුව අදාළ වෘත්තීය සමිති කැදවා අවසාන එකගතාවයක් ලබා ගැනීමට සාකච්ඡා කර සිටියත් ඒසේ කිරීමට නොහැකි වී ඇත.

එසේ වුවත්, එම ගැටළු විසදීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ වෘත්තීය සමිති හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමන්විත කමිටුවක් අද (30) දින පත් කළ අතර, එහි නිර්දේශ 2024.11.08 දිනට ප්‍රථමයෙන් ලබා ගැනීමට බලපොරොත්තු වන බැවින් ඒ පිළිබදව හෝ අවධානය යොමු නොකර, දුම්රිය ස්ථානාධිපති සංගමය මේ වන විට සංකේත වැඩවර්නයක් දියත් කර ඇත.

Station Master strike page 0001