Saturday, October 19, 2024
Follow Us
ඉදිරි පැය කිහිපය තුළදි අත්තනගලු ද්‍රෝණියට අයත් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර අවදානමක්

පවතින අධික වර්ෂාපතනය සමඟ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හමුවේ විශේෂයෙන්ම අත්තනගලු ද්‍රෝණියට අයත් ගම්පහ නගරය සහ ඒ අවට ඇතැම් ප්‍රදේශ ඉදිරි පැය කිහිපය තුළදි ගංවතුර අවදානම් තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කරණ අංශයේ වාරි මාර්ග ඉංජිනේරු ජි.ඩබ්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පවසයි.

මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහත්මිය පැවසුවේ, මීට පෙර ගංවතුර අවදානමකට ලක්වූ අත්තනගලු ද්‍රෝණියට ආසන්න ගම්පහ ප්‍රදේශයේ සහ ඒ අවට ජනතාවට දැඩි අවදානයකින් පසුවන ලෙසයි.