Saturday, October 19, 2024
Follow Us
ආගමික ස්ථානවලට සූරිය පැනල ලබාදීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව

ආගමික ස්ථානවලට සූරිය පැනල ලබා දීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනබව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයාමේ බව පැවසීය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ආගමික සිද්ධස්ථානවල වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය  ක්‍රියාත්මක වේ. පසුගියදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, බෞද්ධ සිද්ධස්ථානවලට පමණක් නොව සියලුම පූජනීය සිද්ධස්ථානවලට මෙම සූරිය පැනල ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.