Saturday, October 19, 2024
Follow Us
මානව හිමිකම් සැසියේ ලංකාව ගැන යෝජනා කෙටුම්පත රජය ප්‍රතික්ෂේප කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලකිල්ලට ගෙන තිබේ.

2024-09-09 දින සිට 2024-10-11 දින දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සහ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව, එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද, දේශීය ක්‍රියාවලින් තුළින් සංහිදියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිවත් කොට ඇති බව, ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ සහයෝගිතාවයෙන් සහ අර්ථකාරී කථිකාවකකින් යුතුව කටයුතු කරනු ලබන බව යන කරුණු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ සැලකිල්ලට ගෙන ඇත.