Saturday, October 19, 2024
Follow Us
අල, ලූණු අස්වැන්නට සාධාරණ මිලක්

ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට පිළිතුරු වශයෙනි.

මේ දිනවල අල, ලූණු අස්වනු නෙලමින් තිබෙන බවත්, එවන් අවස්ථාවක දී අර්තාපල් සහ ලූණු ආයනයනය කිරීම වැඩිවුවහොත් දේශීය ගොවියන්ට විශාල පීඩාවකට ලක් වීමට සිදු වන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

එමනිසා අර්තාපල් ආනයනය කිරීමේ දී එක් කිලෝවකට රුපියල් 50ක් ව තිබු බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට හා ලූණු සඳහා රුපියල් 10ක බද්දක් පැනවි තිබුණ අතර එය රුපියල් 30 දක්වා රුපියල් 20කින් වැඩි කිරීමට රජය විසින් තීන්දු කළ බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව, ආනයනික අල සහ ලූණු මත බදු පැනවීමක් සිදු වීමක් සිදු කර තිබෙන බවත්, එය දේශීය ගොවියන්ට තමන්ගේ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් සිදු කළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.