Saturday, October 19, 2024
Follow Us
වීසා රහිතව ලංකාවට එන්න රටවල් 35කට අවසර

ගාස්තු රහිතව සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව වෙනත් රටවල් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව කරුණු අධ්‍යයනය කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටු වාර්තාවේ නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


මෙම විශේෂඥ කමිටුව පත් කිරීම සඳහා 2024.04.25 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එම කමිටුව ශ්‍රී ලංකාව සමග සංචාරක ක්ෂේත්‍රයේ තරගකාරී ලෙස කටයුතු කරන රටවල් 8ක් පිළිබඳ කරුණු අධ්‍යයනය කර සවිස්තරාත්මක වාර්තාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නේය.


ඒ අනුව ජනාධිපතිවරයා විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාත් එම නිර්දේශ මත පදනම්ව 2024.10.01 වැනි දින සිට ආරම්භ කර මාස 6ක කාලයක් සඳහා හඳුනාගත් රටවල් උපරිම වශයෙන් 35කට දින 30කට වලංගු වන පරිදි ගාස්තු රහිතව වීසා නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.