Monday, October 28, 2024
Follow Us
පාප් වහන්සේව කොරෝනා රෝගී පරික්ෂාවකට ලක් කෙරේ

අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සීස් පාප්වහන්සේ හට කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි සොයා බැලීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

සිදුකළ වෛද්‍ය පරීක්ෂණයට අනුව ශුද්ධෝත්තම පියතුමන්ට නව කොරෝනා වෛරසය වැලදී නොමැති බවට තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉකුත් අළු බදාදා දිනයේදී හදිස්සි රෝගී භාවයකට ගොදුරුවූ ශුද්ධෝත්තම පියතුමන්ව දිගින් දිගටම වෛද්‍ය පරීක්ෂණ සිදු කරනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වනවිට රෝමයේ කොරෝනා වෛරස් රෝගියෙක් වාර්තා වී නොමැති අතර ඉතාලියේ පමණක් කොරෝනා වෛරස් රෝගීන් 2000 කට අධික පිරිසක් සහ මරණ 52ක් වාර්තා වනවා.

(Neth)