Monday, October 28, 2024
Follow Us
හිස්බුල්ලා – රිෂාඩ් – අසාද්සාලි සහ මුජිබර් යන මන්ත්‍රීවරු මෙරට මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ දරුණු සැලසුමක – විජයදාස රාජපක්ෂ සාක්ෂි සහිතව හෙළිකරයි

වෙනත් රාජ්‍යයන්හි අභ්‍යන්තර දේශපාලන අර්බුද නිර්මාණය කර ඒ ඔස්සේ එම රාජ්‍යයන් කූඨ ලෙස අල්ලා ගැනීමට උත්සාහ ගන්නා විවිධ බටහිර රාජ්‍යයන්ට සහ බලවේගයන්ට උදව් උපකාර කරන අන්තවාදී සංවිධාන සහ ඔවුන්ට මෙරට තුළ පෝෂනය වෙමින් ක්‍රියා කාරීව කටයුතු කිරීමට එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා , රිෂාඩ් බදියුදීන් , මුජිබර් රහුමාන් සහ අසාද්සාලි වැනි අන්තවාදී දේශපාලන නායකයින් මෙරට මුස්ලිම් රාජ්‍යයක් කිරීමේ දරුණු සැළසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය (28) වන දින පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කර සිටියේය.

හලාල් ආහාර මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම, හිජාබ්, නිකාබ් වැනි කාන්තා මුහුණු ආවරණ ප්‍රචලිත කිරීම, ෂරියා නීතිය ඉගැන්වීම සහ ක්‍රියාත්මක කළ යුතුයැයි යෝජනා කිරීම සහ අරාබි භාෂාව සැලසුම් සහගතව ක්‍රියාවට නැංවීම යන පියවර හතර ඔස්සේ මෙම කූඨ සැළසුම ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුටත් අවධාරණය කර සිටියේය.

(Lanka Leads)