Monday, October 28, 2024
Follow Us
ගම්පහ ලක්ෂ 44 කොල්ලයට රාජිතගේ සුදු වෑන් නැට්ටුවෝ කොටුවෙති

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඒ මහතා කියා සිටියේ ගාල්ලෙන් අඩුවන මන්ත්‍රී ධුරය බදුල්ල දිස්ත්‍රික්කයට ලබාදී ඇති බවය.2019 වසරේ දිවයිනේ ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව අනුව මෙසේ මන්ත්‍රී ධුර වෙන් වෙන බවත් මැතිවරණ කොට්ඨාසයක් ලෙස හඳුන්වන්නේ දිස්ත්‍රික්කය බවත් ඡන්ද ප්‍රදේශය ආසනයක් ලෙස හඳුන්වන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 සහතික කරන ලද ඡන්ද හිමි නාම ලේඛනය අනුව ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව අටලකෂ හැත්ත හත්දහස් හත්සිය දහතුනකි. (867713). ඒ අනුව 2018 ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාවට වඩා ඡන්ද දායකයන් අටදහස් නවසිය හැට හතරක් (8964) මෙවර ලියා පදිංචිවි තිබේ.

අනෙකුත් ඡන්ද ප්‍රදේශවල ලියා පදිංචි ඡන්ද දායක සංඛ්‍යාව මෙසේය.අම්බලන්ගොඩ 80279 කරන්දෙණිය 77443 බෙන්තර ඇල්පිටිය 93866 බද්දේගම 101161 රත්ගම 81826 ගාල්ල 84685 අක්මිමණ 102419 හබරාදුව 85345ක්. මෙවරද වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචිවී ඇත්තේ හිනිදුම ඡන්ද ප්‍රදේශයේය..එම සංඛ්‍යාව 105923කි. අඩුම ඡන්දදායක සංඛ්‍යාව ලියා පදිංචිවී ඇත්තේ බලපිටිය ඡන්ද ප්‍රදේශයේ වන අතර එම සංඛ්‍යාව 55396කි.

(Aruna)