Monday, October 28, 2024
Follow Us
ඇවන්ගාඩ් නඩුවේ සංශෝධිත චෝදනා පත්‍රය මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රය පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අද (20) මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන්නේය.

ධම්මික ගනේපල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම සංශෝධිත චෝදනා පත්‍රය සලකා බැලිණි.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම හරහා රජයට මුල්‍යමය පාඩවුක් සිදුකර ඇති බව නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල විය.

මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම මැයි මස 14 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

(LNW)