Monday, October 28, 2024
Follow Us
ජිනීවා යෝජනාවෙන් ඉවත් වෙන්න ආණ්ඩුවට බෑ. මේක ජනතාව රවටන බොරුවක් - සුමන්දිරන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන ප්‍රකාශය හුදෙක් ජනතාව රවටා දේශපාලන වාසි ගැනීමේ අරමුණින් කියන බොරුවක් පමණක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

විශේෂයෙන් මෙම 40.1 යෝජනාව සම්මත කරගෙන ඇත්තේ වසර දෙකක කාලයක් සඳහා බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව එම යෝජනාව 2021 වසරේ මාර්තු මාසය වනතෙක්ම ක්‍රියාත්මක වන බවයි සදහන් කළේ.

එහෙයින් ශ්‍රී ලංකා රජයට මෙම යෝජනාවෙන් ඉවත් වන බවක් ප්‍රකාශ කළ නොහැකි බව පැවසූ ඒ මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ප්‍රකාශයෙන් කුමක් සඳහන් කළත් මෙම යෝජනාව සම්මත වී අවසන් හෙයින් ඉන් ඉවත් වීමට කිසිම අවස්ථාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව ආණ්ඩුව මේ මොහොතේ කරමින් සිටින්නේ හුදෙක් ශ්‍රී ලංකාවේ ජනතාව රැවටීම සඳහා මෙම යෝජනාවෙන් ඉවත්වන බවක් පැවසීම පමණක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ඊයේ (19) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනි.

(LNW)