Monday, October 28, 2024
Follow Us
ලක්ෂ්මන් හුලුගල්ලට බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් හෝ නියොජ්‍ය කොමසාරිස් ධුරයක්

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපකීර්තිමත් චරිතයක් බවට පත්ව සිටි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා මහ බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් තනතුරට පත්කිරීමට අවශය ලියකියවිලි සියල්ල මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සකස්ක ර ඇති බව වාර්තා වේ.

ලක්ෂමන් හුළුගල්ල මහතා සුප්‍රසිද්ධ සලාකා සූදුපිටිය සිද්ධියේ ප්‍රධාන භූමිකාව රඟ පෑ පුද්ගලයා වූ අතර ඔහු මීට පෙර දෙවතාවකදී විවිධ ආරවුල් මත නිදිපෙති පානය කොට රෝහල්ගත කොට ප්‍රතිකාර ලබා සිටින ලදී.

ඔහුට වඩා උගතුන් සහ අත්දැකීමෙන් පරීපූර්ණ නිළධාරීන් මෙම තනතුර සඳහා පත් කිරීමට සිටියදී මොහු වැන්නෙකුගේ මම පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේම නිළධාරීන් අප්‍රසාදය පල කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ පත්කිරීමට අදාළ ලියකියවිලි සියල්ල සකස් කර අවසන් වන නමුත් ඔහුව පත්කීරන්නේ බ්‍රිතාන්‍යයටද නොඑසේනම් ඕස්ට්‍රේලියාවටද යන්න මෙතෙක් තහවුරු වී නැත.

(Lanka Leads)