Monday, October 28, 2024
Follow Us
වෝහාරික විගණනය ඇමණුම් පිටු10,000 ක් : විවාදයට කලින් මන්ත්‍රිවරුන්ට අවබෝධයක් ගන්න කාලයක් නැහැ - කෝප් සභාපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුව පිළිබදව නිකුත් කර ඇති වෝහාරික විගණනය වාර්තා 05කින් සහ පිටු10,000කට ආසන්න ඇමනුම් ප්‍රමාණයකින් සමන්විත වන බව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති සදහන් කර සිටිනවා.

එය ඉතා විශාල වාර්තාවක් වන බැවින් ලබන පෙබරවාරි 18 සහ 19 යන දිනයන්හිදී පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයට පෙර මේ පිිළබදව පුළුල් අවබෝධයක් ලබා ගැනීම මන්ත්‍රිවරුන්ට එතරම් පහසු කටයුත්තක් නොවනු ඇති බවයි සුනීල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරය කියා සිටියේ.

වෝහාරික විගණනයක් සිදුකරනු ලැබූවේ බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කළ ජනාධිපති කොමිසම් සභාවේ මෙන්ම කෝප් කමිටුවේ ද නිර්දේශය මත බැවින් වෝහරික විගනණනය පිළිබදව පළමුව කෝප් කමිටුව තුළ සාකච්ඡා කර ඒ පිළිබදව සාරාංශ වාර්තාවක් සැකසීමට හැකියාව තිබූ බව මන්ත්‍රිවරයා කියා සිටියේ.

එහෙත් පාර්ලිමේන්තුවේ සැසිවාරය කල් තැබීම හේතුවන් කෝප් කමිටුවට රැස්වීමට නොහැකිවූ නමුත් ඉදිරියේදී කෝප් කමිටුව තුළ වෝහාරික විගණන වාර්තාව සාකච්ඡාවට කැඳවන බවයි ඔහු සඳහන් කලේ.

කෙසේ නමුත් මේ වනවිට එස්.ඒ සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් රජයේ මුදල් කාරක සභාවේ මේ පිළිබදව සාකච්ඡා කරමින් සිටින බවයි සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා කියා සිටියේ.

(Neth)