Monday, October 28, 2024
Follow Us
රන්ජන්ගේ හඬපට සංස්කරණය නොකර මන්ත්‍රීවරුන්ට දෙන්න බෑ !

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද දුරකතන සංවාද හඬපට සංස්කරණය කිරීමකින් තොරව මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට නොහැකි බව අදාල හඬපට පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබෙනවා. රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදුන් සංයුක්ත තැටිවල දුරකතන සංවාද ඇතුළත් හඬපට 19 ක් පමණ අඩංගු බවයි වාර්තා වන්නේ.

අදාල හඬපට පාර්ලිමේන්තු සාමාජිකයන් පිරිසක් විසින් පරීක්ෂා කර ඇති අතර ඔවුන් පවසා තිබෙන්නේ හඬපට මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන්නේ නම් ඒවා සංස්කරණය කර ලබාදිය යුතු බවයි. එම හඬපට සංස්කරණය කිරීමෙන් තොරව මන්ත්‍රීවරුන් වෙත ලබා දුනහොත් පවුල් ආරවුල් පවා ඇතිවිය හැකි බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම හඬපට මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන්නැයි දිගින් දිගටම ඉල්ලා සිටි අතර ඒ අනුව අදාල හඬපට ලබන සතියේදී මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කර තිබේ.

(LNW)