Monday, October 28, 2024
Follow Us
සෙවණගල මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක්

සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක් බව වාර්තාවේ.


මෙවර හෙක්ටයාර 1,200ක උක් වගා කළ අතර මෙට්‍රික්ටොන් දෙලක්ෂ අසූදහසක අස්වැන්නක් ලබා ගැනීමට හැකිව තිබේ.

මේ වසරේ පළමු උක් නෙලීමේ වාරය සාර්ථකව සිදු කෙරෙන බව සෙවණගල සීනි කර්මාන්ත ආයතනයේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහතා පැවසීය.

නව උක් ප්‍රභේද හඳුන්වා දීම, නිර්දේශිත පොහොර භාවිතය, ඇඹරුම් යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම නිෂ්පාදනය වැඩිවීමට හේතුවයි. සාර්ථක අස්වැන්න හේතුවෙන් ගොවි පවුල් 5,000කට පමණ සෙත සැලසේ.

(Dinamina)