Monday, October 28, 2024
Follow Us
රිෂාඩ් තාමත් බලවත්..! මන්නාරම හමුදා අණ දෙන නිලධාරියාට මාරුවීමක්

පසුගිය කාලයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මල්ලිලාට සහ සෙසු ගෝල බාලයින්ට මහත් හිසරදයක් ව තිබූ මන්නාරම යුද හමුදා අණ දෙන නිලධාරී මංගල මායාදුන්නේ මහතා මේ වන විට රිෂාඩ් බදියුදීන් මහතාගේ විරෝධය නිසා කොළඹට මාරු කර ඇති බව වාර්තාවේ.

පසුගිය මැතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා බස්රථ වලින් ඡන්දදායකයින් ප්‍රවාහණය කරමින් මහා පරිමාණ හොර ඡන්ද ව්‍යාපාරයක් දියත්වූ අවස්ථාවේදී එය වැලැක්වීම සඳහා අදාළ හමුදා නිලධාරියා කටයුතු කළ බව එකල වාර්තාවිය.

එම නිසා ඉදිරි මැතිවරණයේදී ඔහු මන්නාරම රාජකාරී කළහොත් ඒ අයට තම කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි වන නිසා එම ආරක්ෂක නිලධාරියා මාරු කළ බවට ප්‍ර දේශයේ සිංහල ජනතාව චෝදනා කරති.

(Lanka Leads)