Monday, October 28, 2024
Follow Us
වේරහැර විදිමත් වේ - සති 02කින් රජයේ රෝහල්වලිනුත් පහසුකම්

සැහැල්ලූ වාහන රියදුරු බලපත‍්‍ර ලබාගැනීමේදී අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණය රජයේ රෝහල්වලදී සිදුකිරීමේ කටයුතු සති 02 ක් තුළ ආරම්භ කරන බව ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සඳහන් කළේ අදාළ රෝහල් සඳහා එම වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

වේරහැර පිහිටි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් මහජනතාවට සලසන සේවාවන් මේ වනවිට විධිමත් අයුරින් සිදුවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ජාතික ප‍්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් දැනට සිදුකරන සැහැල්ලූ වාහන රියදුරු බලපත‍්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය තවත් රජයේ රෝහල් 150 කදී සිදුකිරීමට ඉකුත් දා කැබිනට් අනුමැතිය හිමිවුණා.

(Neth)