Monday, October 28, 2024
Follow Us
මාර්තු මැද වෙනකම් වැස්ස නෑ

මාර්තු මස දෙවැනි සතිය දක්වා ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි නොලැබෙන බවත්, එහෙත් මාර්තු 15 පසු බොහෝ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහෙත් මේ දිනවල සවස් කාලයේදී රත්නපුර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලයට සුළු වශයෙන් වැසි ඇතිවන බවත්, මේ මස 13 හා 14 වන දිනවල පවතින වැසි තත්ත්වයේ ඉහළ යාමක් බලාපොරොත්තුවන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.

කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශවලයට වියලි කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තුවන බවත්, මාර්තු 15 වන දිනෙන් පසු අන්තර් මෝසම් වැසි ඇතිවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට සමස් කාලයේ වැසි බලාපොරොත්තු වන බවද පවසා සිටියේය.

(Lanka Leads)