Monday, October 28, 2024
Follow Us
රිෂාඩ්ගේ දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවේ… රහස් පොලිස් පරීක්ෂණ ඇරඹේ

අද(09) දින රහස් පොලීසියට ලැබුණු තොරතුරක් මත හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට අයත් මන්නාරම පිහිටි නිවසක් පරික්ෂා කිරීමේදී චෝදනාවලට ලක්ව ඇති ඇමතිවරයාට අයත් දේපළ සම්බන්ධ ලේඛන තොගයක් හමුවී ඇත. එම ලේඛන අතර මන්නාරම ප්‍රදේශයේ මිලට ගත් ඉඩම්, නිවාස ඇතුළු බොහෝ දේපල සම්බන්ධයෙන් වූ ලිපිගොනු මෙයට ඇතුළත්ව ඇති බව වාර්තාවේ.

මීට අමතරව රිෂාඩ් ඇමතිවරයා අමාත්‍යධුරය දරමින් සතොස ආයතනය හරහා සිදුකරන ලද මහා පරිමාණ ව්‍යාපාරයන් සම්බන්ධ තොරතුරු ද එම ලේඛණ ගොනුවේ තිබී ඇති බවද පැවසේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් පැවති ආණ්ඩුව යටතේ රිෂාඩ් අමාත්‍යවරයා ඇමතිධුරය දැරුවේනම් මුළු මන්නාරමම මිලදී ගනු ඇති බවයි.

(Lanka Leads)