Monday, October 28, 2024
Follow Us
පොහොර හිඟය නිසා එළවලු වගාවත් අනතුරේ. යළි මිල ඉහළ යන ලකුණු !

දිවයින පුරා උද්ගතව ඇති පොහොර හිඟය හේතුවෙන් එළවලු ඇතුළු ගොඩ බෝග වගාවන් ද අර්බුදයට පත්ව ඇති බව වාර්තා වේ.

දඹුල්ල, අනුරාධපුර වැනි ප්‍රදේශවල ගොවීන් පවසන්නේ රුපියල් 1000ක මිලකට හෝ මිලදී ගැනීමට පොහොර නොමැතිකමින් තමන් මහත් දුෂ්කරතාවකට පත්ව ඇති බවයි.

ඒ ඒ බෝග සඳහා නිශ්චිත කාලසීමාවන්හි පොහොර යෙදීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම අස්වනු හානියකට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව පොහොර හිඟය සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් දැනටමත් ඉහළ නැඟ ඇති එළවලු මිල ඉදිරියේත් තවත් ඉහළ යනු ඇති බවයි වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කළේ.

(LNW)