Monday, October 28, 2024
Follow Us
යහපාලන රජය ‘හොයන්නේ බලන්නේ’ නැතිව කොටි හිතවාදී සංවිධාන 5 ක තහනම ඉවත් කරලා

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු කොටි හිතවාදී සංවිධාන පහක තහනම ඉවත් කර ඇත්තේ නිසි ආරක්‍ෂක අධ්‍යයනයකින් තොරව බව හෙළිවී ඇත.

මෙම කොටි හිතවාදී සංවිධානවල ලැයිස්තුව වන්නියේ කොටි බංකරයක තිබී හමුවූ අතර එම සංවිධාන කොටින්ට අවි ආයුධ මිලයට ගැනීම සඳහා අරමුදල් එකතු කර තිබේ.

තහනම ඉවත් කිරීමෙන් පසු එම සංවිධානවලට අයත් පිරිස යාපනයට පැමිණ හිටපු කොටි ක‍්‍රියාකාරීන් හමුවී ඇත.

මෙම බංකරයේ තිබී කොටි හිතවාදී සංවිධාන 40 ක නාම ලේඛනයක් සහ විදෙස්ගත කොටි හිතවාදීන්ගේ ලැයිස්තුවද හමුවිය.

කොටි හිතවාදී සංවිධාන පහක තහනම ඉවත් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකා පොලිසිය විසින් ඉන්ටර්පෝල් ආයතනයට යවා තිබූ කොටි 134 දෙනකුගේ නාම ලේඛනයද ඉවත් කිරීමට එකල රජය ක‍්‍රියාකර ඇත

(Lanka Leads)