Monday, October 28, 2024
Follow Us
ආනන්ද විද්‍යාලයීය “සත් මහල” ජනපති අතින් සිසු අයිතියට

කොළඹ ආනන්ද විද්‍යාලයේ නව සත් මහල් ගොඩනැගිල්ල අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරිණි.

ආනන්ද විද්‍යාලයෙන් මෙතෙක් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් මෙය විවෘත කිරිම ඓතිහාසික අවස්ථාවක් විය.

පෝතක බාලදක්ෂයන්ගේ පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයන්ගේ යෂ්ටි උත්තමාචාරය මැද පීඨිකාවට පිවිසි ජනාධිපතිතුමා වෙත ශිෂ්‍ය භට උත්තමාචාරයක් ද පිළිගැන්විය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ රණවිරු ආනන්දීයන් සිහිපත් කරමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙරට පාසලක ඉදිකෙරුණු ප්‍රථම සත් මහල් ගොඩනැගිල්ල මෙයයි. වැය කළ මුදල රුපියල් කෝටි 62කි.

අපට අවශ්‍ය විභාගවලට පෙනී සිට සමත්වීමට පමණක් දරුවන් සකස් කිරීම නොව, රටේ ආර්ථික හා සමාජීය ප්‍රගමනය සඳහා සක්‍රීයව දායක විය හැකි පරිපූර්ණ දරුවෙකු හදා ගැනීම බවද එතුමා පෙන්වා දුන්නේය.

(Aruna)