Monday, October 28, 2024
Follow Us
අලුත් කෝප් කමිටුව පළමු දිනයේම වැඩ අරඹයි !

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බව එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අද කමිටු සාමාජිකයන් සාකච්ඡා කළ බවයි සභාපතිවරයා පවසන්නේ.

නව කෝප් කමිටුවේ සාමාජිකයන් අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමු වරට රැස් වූ අතර එහිදී හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා නැවතත් සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

මීට අමතරව මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණනයේ වාර්තාව සහ එයාර්බස් වංචාවට අදාල කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ද කෝප් කමිටුව තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාබස් මිලදී ගැනීම සහ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනු අවසන් කිරීමේ ගිවිසුම් පිළිබඳ කෝප් කමිටුව විසින් සකසන ලද වාර්තා දෙකක් මීට පෙර පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කර තිබේ.

කෝප් කමිටුවේ සමාජිකයන්ගේ එකඟත්වය මත පසුගිය කාලවකවානුව තුළ අනුගමනය කළ සම්ප්‍රදායක් වන කොප් කමිටුවේ සාමාජිකයෙක් වන අමාත්‍යවරයෙකුට අදාල ආයතනයක් ‍කමිටුව ඉදිරියට කැඳවීමේදී අදාල විෂය භාර අමාත්‍යවරයා එම කමිටු සැසිවාරයට සම්බන්ධ නොවිමේ සම්ප්‍රදාය ඉදිරියටත් රැක ගැනීම බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කලේය.

(LNW)