Monday, October 28, 2024
Follow Us
කපිල රන්ජන් සිටින වාට්ටුවට

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ වන පි‍්‍රයංකා නියෝමාලි වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත අද (07) ඉදිරිපත් කෙරෙනවා.

ඔවුන් දෙදෙනා කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආවේ ඊයේ (06) පස්වරු 06.00 ට පමණයි. ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරීන් කපිල චන්ද්‍රසේන මේ වනවිට එම බන්ධනාගාරයේ P වාට්ටුවේ රඳවා සිටිනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ද රඳවා සිටින්නේ එම වාට්ටුවේයි.

ඔවුන් දෙදෙනා එම වාට්ටුවේ වෙන් වෙන්ව සිරමැදිරි 02 ක රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ P වාට්ටුවේ රඳවා සිටින සියලූ රැඳවියන්ට පෙරවරු 06.00 සිට පස්වරු 05 දක්වා එහි සිටින සියලූ රැඳවියන් සමග එක්ව සිටීමට අවස්ථාව හිමිවනවා.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන පි‍්‍රයංකා නියෝමාලි රඳවා සිටින්නේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේයි.

ඇය එම බන්ධනාගාරයේ R වාට්ටුවේ තවත් කාන්තාවන් 170 ක් සමග රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

(Neth)