Monday, October 28, 2024
Follow Us
සුදර්මන් රදලියගොඩ යළිත් ස්වාධීන රූපවාහිනියට !

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස පත්කර දින කිහිපයක් ඇතුළත ඉන් ඉවත් කළ සුදර්මන් රදලියගොඩ මහතා නැවත එම තනතුරට පත්කර තිබෙනවා.

ඒ බව සඳහන් කරමින් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

අදාල ලිපියේ සඳහන් වන්නේ කම්කරු විනිශ්චය සභාවේ නියෝගයක් මත රදලියගොඩ මහතා නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව පෙබරවාරි 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුදර්මන් රදලියගොඩ මහතා ස්වාධීන රූපවාහිනී ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්) ලෙස කටයුතු කරන බව දැනුම් දී තිබේ.

(LNW)