Monday, October 28, 2024
Follow Us
STF එකෙන් සමුගත් ලතීෆ් වෙනුවට වරුණ ජයසුන්දර

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිළධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. ඒ ඊයේ (04) විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා වෙනුවටයි.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් වරුණ ජයසුන්දර මහතාගේ නම අදාල තනතුර සඳහා නිර්දේශ කර ඇති අතර ඔහු සිය නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත හා ජනාධිපතිවරයා වෙත යවා තිබේ.

වරුණ ජයසුන්දර මහතා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ සිටින ජ්‍යෙෂ්ඨතම නිළධාරියෙකු වන අතර මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු මෙහෙයුම් රැසකට ඔහු නායකත්වය ලබා දී තිබේ. පසුගියදා ඩුබායි පාතාලය හරහා මෙරටට පැමිණි හෙරොයින් කිලෝ ග්‍රෑම් 192 ක තොගය අත්අඩංගුවට ගැනීම සිදුවූයේද ඔහුගේ මූලිකත්වයෙනි.

(LNW)