Sunday, October 27, 2024
Follow Us
කොරෝනා වසංගත තත්ත්වයක් තවම නොමැති බව WHO කියයි

චීනයෙන් පැතිරී යන නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වක් දක්වා දුරදිග ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වසංගතයක් යනු ලොව පුරා නව රෝගයක් පැතිරී යාමයි.

නව කොරෝනා වෛරසය පැතිරුණු රාජ්‍යයන් ලෙස තවමත් අප්‍රිකාව හෝ ලතින් ඇමෙරිකානු රටවල් සඳහන් නොවන අතර, ආසියානු හා යුරෝපා රටවල් කිහිපයක වෛරසය පැතිරී තිබුණත් එයද තවමත් ඉතා සුළු වශයෙනි.

අද දිනයේ තවත් ආසියානු රටවල් තුනක් ලෙස සිංගප්පූරුව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වූ අතර, ඔවුන් චීනයට නොපැමිණි අය වීමද විශේෂත්වයකි.

(Lanka leads)