Sunday, October 27, 2024
Follow Us
චන්ද්‍ර පේමගේ ජිනීවා පත්වීම ගැන කොටි හිතවාදින් කලබල වෙයි

අලුතෙන් ජිනීවා හී නිත්‍ය නියෝජිත ලෙස පත්කෙරුනු C A චන්ද්‍රප්‍රේම මහතා ගේ පත්විම පිළිනොගන්නා ලෙස ඉල්ලා යස්මින් සූකාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ITJP සංවිධානය ස්ව්ස්ටර්ලන්ත රජයයෙන් ඉල්ලීමක්ද කර තිබේ.

ඔවුන් චන්ද්‍රප්‍රේම මහතා රාජ්‍ය අනුග්‍රහය ඇතිව මිනීමරන සංචිතයක් පත්වාගෙන ගිය බවට චෝදනා කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත. ඔවුන්ගේ ප්‍රකාශ අනුව ඒ මහතා කිසි විටකත් කිසිදු උසාවියකින් වරදකරුවකු කර නැති අතර එක් වරක් චෝදනා ගොනුකර පසුව නීතිපතිවරයා විසින් එම චෝදනා ඉල්ලා අස්කරගෙන තිබේ. එසේ තිබියෙදීත් අන්තරජාලයෙන් සොයාගත් ඕපාදූප පදනම් කරගෙන ඔවුන් මේ වාර්තාව සකසා තිබෙන බව ඔවුන්ම ඉදිරිපත් කර තිබෙන කරුණු වලින් පැහැදිලි වේ.

පසුගිය කාලයේ ත්‍රස්තවාදීන්ට එරෙහි ගැටුම් පැවති සමයේ යුද අපරාධ කළ බවට LTTE හිතවාදි බෙදුම්වාදී ඩයස්පෝරාව සිදු කරන චෝදනා වලට පිළතුරුසැපයීම වෙනුවෙන් ව්ශේෂ කාර්ය භාරයක් ඒ මහතා විසින් සිදුකර තිබෙන අතර ඒ මහතා සකස් ලේඛන රැසක් දැනටමත් යුද අපරාධ චෝදනා වලට පිළිතුරු සැපයීම සදහා යොදා ගැනේ. එවන් පුද්ගලයෙකු ජිනීවා මානව හිමිකම් කොමිසමේ ත්‍රස්තවාදීන්ට පිළිතුරු සැපයීම සදහා ප්‍රධානියා කොට පත් කර එවීමත් සමග කොටි හිතවාදීන් කලබල වී සිට්න අතර මෙසේ ඒ මහතාගේ පත්විම අවලංගු කරවා ගැනීමට ඔවුන් දත කන බව වාර්තාවේ.

(Lanka Leads)