Sunday, October 27, 2024
Follow Us
ජාතික වෙළඳ ප්‍රතිපත්තිය හදන්න පාදෙණිය ජනපතිගෙන් කමිටුවක් ඉල්ලයි

ඉදිරි සති දෙක තුළ මෙරටට ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් වෘත්තිකයින්ගේ සංගම් පරිශ්‍රයේදී ඊයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීමේ ප්‍රදර්ශනය විද්වත් වෘත්තිකයින්ගේ සංගම් පරිශ්‍රයේදී ඊයේ රාත්‍රීයේ පැවැත්වුණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

(Lanka Leads)