Sunday, October 27, 2024
Follow Us
නිදහස් දින සිරකරුවන් 512කට ජනපති පොදු සමාව …

අදට (පෙබරවාරි 04) යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරකරුවන් 512කට පොදු සමාව ප්‍රදානය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිතුමා වෙත ඇති බලතල ප්‍රකාරව සහ අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයන්ට සමාව හිමිව ඇත. බරපතල අපරාධ එනම් ස්ත්‍රී දූෂණ, සොරකම්, බරපතල ලිංගික අපයෝජන සහ අල්ලස් ගැනීම වැනි චෝදනා යටතේ යටතේ සිර දඬුවම් විඳින කිසිවෙක් ඔවුන් අතර නොවෙති.

මේ වසරේ ජනවාරි 31 වනදා වන විට බන්ධනාගාරය තුළ රැඳී සිටි සිරකරුවන්ට සමාව හිමි වන අතර එය අද (04) සිට බලාත්මක වේ.


(Lanka Leads)