Sunday, October 27, 2024
Follow Us
කොරෝනා මඬින හෙළ ඔසු දෙකක් සොයා ගැනේ

කොරෝනා ඇතුළු ඕනෑම වෛරසයක් ශරීරයට ඇතුළුවීම වැළැක්විය හැකි පරිදි සිරුරේ ප‍්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කළ හැකි ප‍්‍රත්‍යක්ෂ සරල ආයුර්වේද බෙහෙත් වර්ග දෙකක් කොරෝනා වෛරසය මෙරට පැතිරීම වැළැක්වීමේ වැඩපිළිවෙළට හඳුන්වාදීමට තමන් සූදානම් බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ කායික රෝග විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සුගීෂ්වර ජයකොඩි මහතා ඊයේ (03දා) බොරැල්ල ජයවර්ධනාරාම විහාරස්ථානයේ පැවති පුවත්පත් සාකච්ජාවක් අමතමින් ප‍්‍රකාශ කර සිටියේ කිසිදු අතුරු ආබාධයක් නොමැති රත කල්කය, රසකිඳ, වෙනිවැල්ගැට හා වදකහ යන මිශ‍්‍රණයන් මෙසේ මිනිස් ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ඕනෑම වෛරසයක්, බැක්ටීරියාවක් ශරීරයට ඇතුළු වීම වළකාලන ගුණයකින් යුතු බව තමන්ට සහතික විය හැකි බවයි.

බාල, ළමා, මහලූ ඕනෑම අයකුට මෙම මිශ‍්‍රණයන් කොත්තමල්ලි තැම්බූ වතුරට දිය කර දිනකට දෙවරක් පානය කළ හැකි අතර දිවයිනේ ඕනෑම පිළිගත් රජයේ ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් එය ලබා ගත යුතු මාත‍්‍රාව පිළිබඳව උපදෙස් ලබා ගත හැකි බව වෛද්‍ය ජයකොඩි මහතා කීවේය.

මෙම ආයුර්වේද බෙහෙත් ජනතාව අතර ප‍්‍රචලිත කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය අනුග‍්‍රහය දක්වන්නේ නම් ඒ සඳහා දායක වීමට තමන් කැමති බව මෙහිදී අදහස් දැක්වූ බොරැුල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රංජිත් ජේ. වැලිකල මහතා පැවසීය.

‘ආයුර්වේදයේ ප‍්‍රතිකාර කරනුයේ යම් කිසි රෝගයක් හට ගැනීම වැළැක්වීමටයි. ඒ සඳහා සිරුරේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතුයි. දැනට ලොව පුරා රටවල පැතිර යන කොරෝනා වෛරසයට ගොදුරු වී මිය ගොස් ඇත්තේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පිරිසක් බව හෙළි වී තිබෙනවා. ඒ නිසා මෙරට බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කර දේශීය ආයුර්වේද ප‍්‍රතිකාර ක‍්‍රමය මෙම වෛරසය මැ`ඩලීම සඳහා චීනය හා ඉන්දියාව මෙන් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ යොදා ගැනීමට පියවර ගත යුතු’ යැයි වෛද්‍ය වැලිකල මහතා කීවේය.

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ද මෙහිදී කතා කළේය.

(Lanka Leads)