Sunday, October 27, 2024
Follow Us
වෝහාරික විගණන වාර්තාවෙ මං වැරදියි කියලා නෑ - අජිත් නිවාඩ්

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාවල කිසිදු තැනෙක තමා වැරැද්දක් සිදුකර ඇති බවක් සඳහන් නොවන බව හිටපු මහ බැංකු අධිපති, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ සමාගම් හා තමන්ගේ ඥාතීන් අතර පවතින සම්බන්ධතා පිළිබඳව මෙම වාර්තාවල ඇතුලත් වී ඇති බව පෙන්වා දෙන කබ්රාල් මහතා පවසන්නේ එය අලුත් හෙලිදරව්වක් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු තමා මීට පෙර කෝප් කමිටුව වෙත ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

2005 වසරේ සිට සිදු වූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකුවේ මැදිහත්වීම මත සිදු කෙරුණු මෙම වෝහාරික වාර්තා හරහා අනාවරණය වී ඇත්තේ යහපාලන රජය සමයේ සිදු වූ පාඩුවට වඩා වැඩි පාඩුවක් 2005 - 2014 සමයේ සිදුව ඇති බවයි. ඒ අනුව එම පාඩුව සඳහා අදාල කාලසීමාව තුළ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා සෘජුවම වගකිව යුතු බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ල වී තිබේ.

(LNW)