Sunday, October 27, 2024
Follow Us
නිදහස් උළෙලට සහභාගි වන සියල්ලන්ටම මුඛ ආවරණ

මෙවර නිදහස් දින ජාතික උළෙලට සහභාගි වන සියලු දෙනාට අවශ්‍ය වුවහොත් මුඛ ආවරණ ලබාදීම සඳහා සූදානමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා. ඉදිරි දින දෙක තුළ තවදුරටත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වුවහොත් මෙම පියවර ගන්නා බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

මෙවර නිදහස් සැමරුම සඳහා 11,000 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතය. ආරාධිතයන් 2500 ක් හා සාමාන්‍ය ජනතාව 1000 ක් පමණ සහභාගි වන අතර ආරක්ෂක අංශ සාමාජිකයන් 7000 කට වැඩි පිරිසක් සහභාගි වේ.

අවශ්‍ය වුවහොත් මෙම සියලු දෙනාට මුඛ ආවරණ ලබාදීමට සූදානමින් සිටින බව අමාත්‍යංශය අවධාරණය කරයි.

(LNW)