Sunday, October 27, 2024
Follow Us
වූහාන් සිට පැමිණි පිරිසට රෝග ලක්ෂණ කිසිවක් නෑ

චීනයේ වූහාන් නගරයේ සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හටගන්න රෝග ලක්ෂණ සහිත කිසිවෙකුත් වාර්තා වී නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

කෙසේ වෙතත ඔවුන් සියලු දෙනා දින 14 ක කාලයක් රඳවාගෙන දෛනික පරීක්ෂාවට ලක්කරන බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බවත් ඔවුන් නිරන්තරයෙන් අදාල පිරිස පිළිබඳව සැලකිල්ලෙන් සිටින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙනවා.

33 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස අතර කුඩා ළමුන් සිව් දෙනෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිසු සිසුවියන්ගේ පවුලේ ඥාතීන්ට ඔවුන්ව හමුවීම සඳහා අවස්ථාවක් නොමැති නමුත් යම් දෙයක් ලබාදීමට අවශ්‍ය නම් ඒ සඳහා දියතලාව හමුදා කඳවුරේ විශේෂ කවුළුවක් විවෘත කර ඇති බව ද යුද හමුදාපතිවරයා පවසනවා.

(LNW)