Sunday, October 27, 2024
Follow Us
කොරෝනා වෛරසය : ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි

නව කොරෝනා වෛරසය පැතිරයාමේ තත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

චීනය තුළ උද්ගතව ඇති තත්වය නොව, වෙනත් රටවලට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම ගෝලීය හදිසි තත්වය ප්‍රකාශ කිරීමට යෙදුණු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩස් ඇඩොනිම් ගේබ්‍රියේසස් මහතා නිවේදනය කර ඇත්තේ.

විශේෂයෙන් දුර්වල සෞඛ්‍ය සේවාවන් සහිත රටවලට මෙම වෛරසය පැතිරයාමේ අවදානම ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි අවධානයට යොමුව ඇත.

මේ වනවිට චීනයෙහි රෝගීන් 213 දෙනෙකු මියගොස් ඇති අතර වෙනත් රටවල් වලින් රෝගීන් 98 දෙනෙකු වාර්තා වී ඇති නමුත් මරණ වාර්තා වී නොමැත.

(LNW)