Sunday, October 27, 2024
Follow Us
වෛරසයට එරෙහිව විසඳුමක් සොයන්න තවත් ආයතනයක් එක් වෙයි

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ සඳහා සහය දීමට සූදානම් බව මහනුවර පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ආචාර්ය සමන් සේනවීර කියා සිටියේ "ආණ්ඩුවේ ඉහළ නැත්වලින් මේ සඳහා විසඳුමක් හොයන්න සම්බන්ධ වෙන ලෙස ආරාධනා ලැබී තිබෙනවා. අපිට පුළුවන් මේකට විසඳුමක් හොයන්න සහය වෙන්න. ලොකු පහසුකම් ප්‍රමාණයක් නෑ ..නමුත් අපිට පුළුවන් එක පැත්තක් අපිට භාර ගන්න." යනුවෙනි.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ චීන කාන්තාව මධ්‍යම පළාත තුළ සැරි සැරූ සියලු ස්ථාන කඩිනමින් පරීක්‍ෂා කරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසනවා.

එම කාන්තාව නැවති සිටි බව කියන හෝටල්වල සේවකයින් කිහිප දෙනෙකු සැක සහිත රෝග ලක්‍ෂණ පෙන්වන බවයි නෙත් නිවුස් වෙත ඊයේ (29) වාර්තා වුණේ.

ඔවුන් කිසිවෙකුට හෝ නව කොරෝනා වෛරසය අසාධනය වී ඇතැයි මේ දක්වා තහවුරු වී නැහැ.

කෙසේවෙතත් සැක සහිත රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ වාට්ටුවක් වෙන්කර තිබෙන බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න වැඩිදුරටත් පැවසුවා.

(Neth)