Sunday, October 27, 2024
Follow Us
කොරෝනා ගැන ව්‍යාජ පුවත් පැතිරවූ සිව් දෙනෙක් අත්අඩංගුවට

මෙම සිව් දෙනා අතර ටියුෂන් ගුරුවරයෙක්, ෆාමසි සහායකයෙක් සහ 24 හැවිරිදි ශිෂ්‍යයෙක් වෙති.

ජනවාරි 25 සිට 27 අතර කාලයේදී ෆේස්බුක් හා ට්විටර් හරහා වුහාන් කොරෝනා වෛරසය පිළිබඳ ව්‍යාජ තොරතුරු බෙදාහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මෙම චෝදනාවලට වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසරක් දක්වා සිරදඬුවම් සහ ඩොලර් 12,232 ක දඩයක් නියම වේ.

මැලේසියාව 2018 වසරේ පනවා ගත් Anti-Fake News Act 2018 යටතේ ව්‍යාජ පුවත් පැතිරවීම අපරාධ වරදක් බවට පත් කර ඇත.

මෙය අන්තර්ජාල නිදහස හා සමාජ මාධ්‍ය නිදහසට තර්ජනයක් සේ බොහෝ අය සලකන නමුත් ආණ්ඩුව පවසන්නේ මෙවැනි මතභේදාත්මක අවස්ථාවල ව්‍යාජ පුවත් පැතිරවීම දඬුවම් ලැබිය යුතු වරදක් බවයි.

(LNW)