Sunday, October 27, 2024
Follow Us
රෝහිත රාජපක්ෂ ආචාර්ය රෝහිත රාජපක්ෂ වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබෙනවා. ඒ ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියකි.

රෝහිත රාජපක්ෂ මහතා 2015 වසරේ සිට සිය ආචාර්ය උපාධියට අදාල අධ්‍යයන කටයුතු සිදුකර ඇති අතර පසුගියදා එහි ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

මීට අමතරව ඔහු මානව චර්යාවන් හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය සඳහා ද මේ දිනවල සූදානම් වන බවයි වාර්තා වන්නේ.

(LNW)