Sunday, October 27, 2024
Follow Us
මාරාන්තික නව කොරෝනා වෛරසය ගැන GMOA කරුණු කිහිපයක් පෙන්වයි

නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ගනු ලබන උත්සාහයේදී රජයේ අවධානයට ලක්විය යුතු තවත් කරුණු කිහිපයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එහි සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ "කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කර ඇති උෂ්ණත්වය මැන බැලෙන යන්ත්‍ර මත පමණක් පදනම් වී නම් මේ කටයුතු සිදු කරන්නේ අපට වැරදීමට ඇති ඉඩකඩ වැඩි." බවයි.

කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවේ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා රජය මෙතෙක් ගෙන ඇති උත්සාහයන් අගය කළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහිදී ප‍්‍රකාශ කළා.

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට වැඩසටහනින් අද (28) සාකච්ඡා කෙරෙන්නේද නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳවයි. රාතී‍්‍ර 07.30 සිට නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට වැඩසටහන ප‍්‍රචාරය කෙරෙනවා.

(Neth)