Sunday, October 27, 2024
Follow Us
නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

72වන ජාතික නිදහස් සමරු උළෙල වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ අනුව නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවල මාර්ග වසා තැබීම හා ගමනා ගමනය සීමා කිරීම සදහා විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

අදාළ රථවාහන සැළැස්මට අනුව එක් එක් දිනයන්හි මාර්ග වසා තබන සහ ගමනාගමනය සීමා කරන ස්ථාන සහ විකල්ප මාර්ග පහත පරිදි වේ.

ජනවාරි 31 වැනි දින උදෑසන 8.30 සිට මධ්‍යහන 1.00 දක්වා.
පෙබරවාරි 01 වැනි දින උදෑසන 6.00 සිට මධ්‍යහන 12.00 දක්වා.
පෙබරවාරි 02 වැනි දින උදෑසන 6.00 සිට මධ්‍යහන 1.00 දක්වා.
පෙබරවාරි 03 වැනි දින උදෑසන 8.30 සිට මධ්‍යහන 1.00 දක්වා.
පෙබරවාරි 04 නිදහස් සමරු උළෙල පැවැත්වෙන දින අළුයම 4.00 සිට මධ්‍යහන 1.00 දක්වා.

(Aruna)