Sunday, October 27, 2024
Follow Us
23 කැදවු විල්පත්තු නඩුව …!

විල්පත්තු වන විනාශය එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් පැවරූ නඩුව (CA / WRIT- 291/15 (2020.01.23) අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනුනා. අවතැන් වූවන් නැවත පදිංචි කරවීමේ මුවාවෙන් රක්ෂිත වන ගහනයෙන් ඉතා විශාල ප්‍රමාණයක් විනාශ වන පරිදි බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමක් සිදුව ඇති ඇති අතර එයට හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සෘජු ලෙස සම්බන්ධ වී ඇති බවට ද තොරතුරු මේ වන විටත් අනාවරණය වී තිබේ.

මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේ, එතුවක් සංරක්ෂිත පෙදෙස් නම්කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කර නව ගැසට් පත්‍රයක් නිකුත් කරන බවත්, (අවතැන්වූවන්) නැවත පදිංචි කර ඇති ප්‍රදේශ නව ගැසට් පත්‍රයෙන් බැහැර කරන බවත්, පවසමින් , නීතිපතිවරයා මගින් ගෙන ආ යෝජනාවට පරිසර යුක්ති කේන්ද්‍රය දැඩිව එරෙහි විය. පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ) මෙයට විරෝධය පාමින් සඳහන් කලේ වන සංරක්ෂණාගාර ජනරාල්වරයා සහ අනෙකුත් රජයේ බලධාරීන් විසින් යම් ආකාරයක අනවසර ආක්‍රමණයක් නීතිගත කිරීමට චේතාන්විතව කටයුතු කරන බවයි.

මෙම නඩුවේ ඇති සුවිශේෂත්වය වනුයේ නඩුව සම්පූර්ණයෙන් ම අසා නිමවූ පසු අදාල විනිසුරුතුමා නඩුවේ තීන්දුව ලබාදිය නොහැකි බවත් නඩුව නැවතත් මුල සිට ඇසිය යුතු බවත් පැවසීමයි. මෙයට හේතු කිසිවක් ඉදිරිපත් නොකල නමුත් පැවති පාලනාධිකාරිය විසින් අධිකරණයට කරන ලද බලපෑම පිළිබඳ ජනතාව මේ මොහොතේ දැඩිලෙස සංවේදීව තිබේ.

කෙසේ වෙතත් විල්පත්තු මායිම් සම්බන්ධ පැරණි ගැසට් පත්‍රය අවලංගු කර, අනවසරයෙන් පදිංචිවූවන් සිටින පෙදෙස රක්ෂිතයෙන් ඉවත් කර නව මායම් සහිත ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරමින් තමන්ට අයිති නැති නෛතික බලතල භාවිතකිරීමට නිතිපතිවරයා මගින් අදාල රාජ්‍ය නිලධාරීන් ගෙන ආ යෝජනාව පිටුපස නම් යහපාලන දේශපාලකයන්ගේ සෘජු බලපෑමක් තිබූ බවට කසුකුසු මතුව තිබේ..

(Lanka Leads)