Sunday, October 27, 2024
Follow Us
ශාරුක් ඛාන්ට බෝම්බ ගැසීම ගැන මං දන්නෙත් නෑ. මට කියන්න දේකුත් නෑ - ගම්මන්පිල

සුප්‍රසිද්ධ ඉන්දීය නළු ශාරුක් ඛාන් මහතා සගභාගී වූ ප්‍රසංගයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්දැයි තමන් නොදන්නා බවත් තමන්ටත් ඒ ගැන කියන්නට ඇත්තේ කවුරුත් දන්නා ඕපාදූප පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

"ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදැයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. මගෙන් අහන්න කිව්වාම සමහරු ඒක හිතාන තියෙන්නෙ බෝම්බ ගැසීම කළේ මමයි කියලා. එහෙම හිතාගෙන අද සමාජ මාධ්‍ය ජාලාවල මේවා යනවා.

කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නෙත් ඒ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන කවුරුත් දන්න ඕපාදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩිදෙයක් දන්නවා නම් කවුරුවත් අහන්න කලින් මං ඒක පොලිසියට ලබා දෙනවා. මොකද්ද මේ මං දන්න කතාව කියලා මගෙන් ඇහුවාට වැඩක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරමිනි.

(LNW)