Sunday, October 27, 2024
Follow Us
11 දෙනෙකු අතුරුදන් කරවීම : කරන්නාගොඩ ඇතුළු 14කට නොතීසි

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව සඳහා 2020 ජනවාරි 24 වනදා අධිකරණයෙහි පෙනී සිටින ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු 14 දෙනෙකුට ඊයේ (22) නොතීසි නිකුත් කරනු ලැබිණි.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

2008 වසරේ අගෝස්තු 25 වැනි දා සහ 2009 මාර්තු 21 වැනි දා කාලය අතර අවස්ථා 06 කදී කොටහේන ඇතුළු තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ අධිචෝදනා 678ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

(LNW)