Sunday, October 27, 2024
Follow Us
මුස්ලිම් විවාහ නීතිය විතරක් නෙවෙයි උඩරට නීතියත් වෙනස් වෙන්න ඕන - රතන හිමිගෙන් නව පනත් කෙටුම්පතක්

මුස්ලිම් ජාතිකයන්ට බලපාන මුස්ලිම් විවාහ නීතිය වෙනස් විය යුතු වනවා සේම රටේ එක් ප්‍රදේශයකට පමණක් බලපාන උඩරට විවාහ නීතියද වෙනස් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා. එක රටක් - එක නීතියක් යන සංකල්පය යටතේ සියලු දෙනාට බලපාන පොදු නීතියක් ක්‍රියාත්මක වියයුතු බවත් ඒ අනුව උඩරට විවාහ සහ දික්කසාද පනත අහෝසි කළ යුතු බවත් රතන හිමි පෙන්වා දෙනවා.

ඒ අනුව එම පනත අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පනත් කෙටුම්පතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රතන හිමි බලාපොරොත්තුවෙන් සිටී.

1952 අංක 44 දරන උඩරට විවාහ හා දික්කසාද පනතේ සඳහන් වන පරිදි උඩරට නීතියට අනුව විවාහ වන පුද්ගලයන් දෙදෙනාම උඩරැටියන් විය යුතු අතර දෙපාර්ශ්වයේම කුළය ද සමාන විය යුතුය.

(LNW)