Sunday, October 27, 2024
Follow Us
හිටපු විදෙස් ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයාට ජර්මනියේදී දඬුවම්

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ එල්.ටි.ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මන් අධිකරණය විසින් දඬුවම් ලබාදී තිබේ.

කොටි සන්විධානයේ බුද්ධි අංශ සාමාජිකයෙක් වන නවනීදන් ජී. යන නාමයෙන් හදුන්වනු ලබන මෙම ත්‍රස්තවාදියාට ජර්මානු අධිකරණයක් විසින් මාස 82 ක සිර දඬුවම් නියම කර ඇති බවය.

2012 වර්ෂයේදී ජර්මනියට සංක්‍රමණය වී ඇති මෙම කොටි සංවිධානයට සම්බන්ධ බුද්ධි අංශ සාමාජිකයා එරට සරණාගත භාවය ඉල්ලුම් කර තිබු බව එරට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේය.

මෙම සැකකරුව ජර්මනියේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් 2019 වර්ෂයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ වූ අයෙක් බවට බුද්ධි අංශ විසින් ලබා දුන් තොරතුරු පදනම් කර ගනිමින්ය.

(Lanka Leads)